විවාහයෙන් පස්සෙත් කාලයත් එක්ක මේ දෙන්නගේ ආදරේ තවත් වැඩිවෙලා මිසක් අඩුවෙලා නම් නෑ කියන්න මේ ළඟදී ෆේස්බුක් සමාජ මාධ්‍යයට එකතු කරපු ඡායාරූප පෙළම හොඳම සාක්ෂියක්.
පහුගිය දවසක මේ ආදරණීය ජෝඩුව ස්කොට්ලන්තයේ අපූරු සංචාරයක නිරත වෙලා තියෙනවා. එහේ ගෙවුණු සුන්දර සහ සතුටුදායක අවස්ථා කිහිපයක ඡායාරූප තමයි දිනිති මේ විදිහට ඇගේ මුහුණුපොතට එක් කරලා තිබුණේ.
මේ ෆොටෝස් ටිකට ඇය හරිම ලස්සන වගේම ආදරණීය සටහනකුත් එකතු කරලා තිබුණා.
"Making fairytale memories together '' Edinburgh, Scotland"
ඡායාරූපවලින් පේන විදිහට මේ දෙන්නා ස්කොට්ලන්තයේ සුන්දර වටපිටාව මැද හරියට සුරංගනා ලෝකයක ඉන්නවා වගේ තමයි නිදහසේ ආදරයෙන් කාලය ගත කරන්නේ. ඒ සිනහවෙන් පිරුණු මුහුණු දැක්කම ඒ සතුට කාටත් දැනෙනවා.
කාලය කොච්චර ගත වුණත්, වැඩ කටයුතු එක්ක කොච්චර කාර්යබහුල වුණත් මේ විදිහට එකිනෙකාට ආදරයෙන් කාලය වෙන් කරන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් අපිත් මේ ආදරණීය යුවළට හැමදාමත් මේ වගේම සතුටින්, ආදරයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරමු!