මාර්ගය අසල වූ ලඳු කැලෑ ප්‍රදේශයක තිබී මෙම බිහිසුණු මිනිස් හිස හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
මේ වන තෙක් මෙම මිනිස් හිස කාගේද යන්න සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මෙය මීට දින කිහිපයකට පෙර ඝාතනය වූ හෝ මරණයට පත්වූ පුද්ගලයකුගේ හිසක් බවටයි පොලිසිය දැනට අනුමාන කරන්නේ.
කඳ නොමැතිව හිස පමණක් මෙලෙස මාර්ගය අසලට ආවේ කෙසේද? මේ පිටුපස තිබෙන භයානක අබිරහස කුමක්ද? යන්න සෙවීම සඳහා ප්‍රදේශ භාර පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා විශේෂ විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.