අන්න ඒ හැමෝම ආදරය කරන බින්දු ගැන හරිම සතුටුදායක ආරංචියක් මුහුණුපොත පුරාම මේ දිනවල හුවමාරු වෙනවා. ඒ තමයි බින්දු අලුත්ම අලුත් වාහනයක් (කාර් එකක්) මිලදීගෙන ඇති බව.
බොහොම සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරපු බින්දු, පාර අයිනේ කේක් ව්‍යාපාරයක් කරගෙන ගිය බව බොහෝ දෙනෙක් දන්නවා. ඒ දවස්වල තමන්ට වාහනයක් නැති අඩුව නිසා සමහර දවස්වලට බිස්නස් එක කරගන්නත් විදිහක් නැහැ කියලා බින්දු කලින් ෆේස්බුක් සටහනකුත් දාලා තිබුණා ඔබට මතක ඇති.
මොන බාධක ආවත් බින්දු තමන්ගේ උත්සාහය අත්හැරියේ නැහැ. මුලින්ම ත්‍රීවීල් එකකින් තමන්ගේ ගමන පටන් ගත්තු බින්දු, අද කාර් එකක් ගන්න තරමටම දියුණු වෙලා තියෙනවා. මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ ඔහුගේ තියෙන අහිංසකකම, උත්සාහය සහ නිහතමානිකම බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.