2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය මෙවර උතුරේ සුන්දර යාපනය නගරය මූලික කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු ලෑස්ති කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා සිට 19 වැනිදා දක්වා පුරා දින හතරක් තිස්සේ යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී මෙම දැවැන්ත තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය ආයතන අතර නෙට්බෝල් ක්‍රීඩාවේ උන්නතිය සහ සහෝදරත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය විසිනුයි මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ.
මේ සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම රාජ්‍ය සේවා ක්‍රීඩා කණ්ඩායම්වලට දැන් අයැදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින අතර, අයැදුම්පත් භාරගැනීමේ අවසාන දිනය ලෙස අගෝස්තු 20 වැනිදා තීරණය කර තිබෙනවා.
තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම්, තරගාවලි ලේකම්වරයාගේ 0718181944 දුරකථන අංකය ඇමතීමෙන් එම තොරතුරු ලබාගත හැකියි.