'බිම්බෝම්බ උපදේශක කණ්ඩායමේ' (MAG) තානාපතිනියක ලෙස කටයුතු කරන ඇය මෙරටට පැමිණ තිබෙන්නේ හරිම විශේෂිත සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නයි.
ඒ තමයි, පසුගිය වසර 17 ඇතුළත ශ්‍රී ලංකාව තුළ සාර්ථකව බිම්බෝම්බ මිලියනයක් ඉවත් කිරීමේ ඓතිහාසික ජයග්‍රහණය සැමරීම.
ලංකාවට ගොඩබැස්ස ගමන්ම ඇය නිකම් හිටියේ නැහැ. උතුරු පළාතේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කරන භයානක ප්‍රදේශ වෙතම ගිය රොසමන්ඩ්, බිම්බෝම්බ අනතුරුවලින් දිවි ගලවාගත් සිංහල සහ දෙමළ වැසියන් මෙන්ම විපතට පත් වූවන්වද පෞද්ගලිකවම හමුවී සුවදුක් විමසා සිටියා. ඒ විතරක් නෙවෙයි, පුංචි පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වුණු බිම්බෝම්බ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයකටම ඇය සක්‍රීයව එකතු වුණා.
තවමත් ඇගේ සංචාරය අවසන් නැහැ. රොසමන්ඩ් පයික් මෙනවිය ඉදිරියේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හමුවී, මෙරට මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ගැන විශේෂ සාකච්ඡාවක යෙදීමටද නියමිතයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා පවසා සිටියේ, බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාව තබා ඇති මේ පියවර විශිෂ්ට එකක් බවයි.
වසර 17ක් තුළ සිදුකළ මේ මෙහෙයුම නිසා වසරකට වාර්තා වූ බිම්බෝම්බ අනතුරු 250ක් තරම් ඉහළ සංඛ්‍යාව 2024 වන විට 3 දක්වා සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා....
එසේම අවතැන්ව සිටි ලක්ෂ 10කට (මිලියනයකට) ආසන්න ජනතාවකට නැවතත් තමන්ගේ ගම්බිම්වලට ගොස් බියෙන් තොරව ආරක්ෂිතව ජීවත් වීමට අවස්ථාව හිමිවී තිබෙනවා.