නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ විශේෂිත තොරතුරු රසිකයන් එක්ක බෙදාගන්නා චූලක්ෂි, ඇගේ ජීවිතයේ වඩාත්ම විශේෂ දවසක් වෙනුවෙන් ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා. ඒ වෙන කිසිවෙකුත් නෙවෙයි, ඇගේ මුළු ලෝකයම වූ ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන්..
අම්මාගේ උපන්දිනය වෙනුවෙන් හදවතින්ම සුබ පතමින් ඇය සිය නිල මුහුණුපොතට එකතු කළ ආදරණීය සටහන මෙන්න..
"සුභ උපන්දිනයක් වේවා, මගේ ආදරණීය අම්මේ. මේ වසර ඔබට යහපත් සෞඛ්‍යය සහ නිමක් නැති සතුට ගෙන දේවා."
ඒ විතරක් නෙවෙයි, ආදරණීය අම්මා එක්ක උපන්දිනය සමරමින් ගත් හරිම ලස්සන, ආදරය පිරුණු ඡායාරූප කිහිපයක්ද මුහුණු පොතට එකතු කරලා තිබුණා. ආදරයෙන් සහ සෙනෙහසින් පිරුණු ඒ ඡායාරූප එකතුව ඔබත් බලන්නකෝ...


