ඇය නිතරම සමාජ මාධ්‍යවල පෙනී නොසිටියත්, ඇගේ පෞද්ගලික ජීවිතේ විශේෂ අවස්ථාවන් රසිකයන් එක්ක බෙදාගන්න අමතක කරන්නේ නැහැ. ඔන්න පහුගියදා ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහනක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණා.
ඒකට හේතුව තමයි ඇගේ ආදරණීය පුංචි පුතාගේ උපන්දිනය වෙනුවෙන් ඇය එකතු කරලා තිබුණු මේ ආදරණීය සුබපැතුම. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා කොයි තරම් වටිනවද කියන එක මේ සටහනෙන් හොඳටම බලාගන්න පුළුවන්.
තාරුකා ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙන්න මේ වගේ සටහනක් තමයි එකතු කරලා තිබුණේ..
"මගේ ජීවිතේට ලැබුණු වටිනාම තෑග්ගට සුබ උපන්දිනයක්! මගේ ආදරණීය පුතේ, ඔයා තමයි මගේ ලොකුම ආශිර්වාදය, මගේ ලොකුම ශක්තිය... ඒ වගේම මගේ මුහුණේ තියෙන ලස්සනම හිනාවට හේතුවත් ඔයාමයි. ඔයා මේ විදිහට අපූරු දරුවෙක් විදිහට ලොකු මහත් වෙනවා දකිද්දී මගේ හිතට දැනෙන්නේ නිමක් නැති ආඩම්බරයක්..."
මේ සුන්දර පෝස්ට් එකත් එක්කම ඇගේ රසිකයොත් තාරුකාගේ පුංචි පුතාට ආදරෙන් සුබපැතුම් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ. කාර්යබහුල කලා ජීවිතයත් එක්කම, ආදරණීය මවක් විදිහට තාරුකා ගෙවන මේ සුන්දර ජීවිතයට අපිත් උණුසුම් සුබපැතුම් එකතු කරමු!