ඇගේ තියෙන රංගන දක්ෂතාවයට වගේම ඒ අහිංසක ලස්සනටත් ලංකාවේ ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුමාකාර ආදරයක්. ඉතින් මේ විදිහට හැමෝගෙම ආදරේ දිනාගත්තු තාර්යාගේ ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් මේ දවස්වල මුහුණුපොත පුරාම වේගයෙන් හුවමාරු වෙමින් තියෙනවා.
තමන්ගේ උපන්දිනය මූලික කරගෙන තමයි තාර්යා මේ විශේෂ ෆොටෝ ෂූට් එක කරලා තිබුණේ. මේ ඡායාරූප වල ඇය සැරසිලා හිටියේ ඇගේ ලස්සන තවත් දහගුණයකින් වැඩි කරලා පෙන්නන, හරිම ලස්සන ගවුමකින්. හරියටම කිව්වොත් මේ ෆොටෝ වල තාර්යාව දැක්කම හරිම ලස්සනට පේනවා.
මේ ඡායාරූප පෙළේ තියෙන අනිත් විශේෂත්වය තමයි හැම ෆොටෝ එකකම ඇගේ මුහුණේ තියෙන ඒ ආදරණීය, ලස්සන හිනාව. දකින ඕනෑම කෙනෙක්ගේ ඇස් නතර වෙන, ඕනෑම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් විදිහේ පුදුමාකාර ආකර්ෂණයක් මේ හැම ඡායාරූපයකම ගැබ්වෙලා තිබුණා කිව්වොත් නිවැරදියි.
ඉතින් මේ ලස්සන ෆොටෝස් ටික ෆේස්බුක් එකට එක් කරපු ගමන්ම, ඇයට ආදරය කරන රසික රසිකාවියෝ දහස් ගාණක් ඒවට ලයික්ස් දාන ගමන්ම ඇයට උපන්දින සුබපැතුම් එක් කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.
ඉතින් තමන්ගේ උපන්දිනය දවසේ මේ වගේ සුරංගනාවියක් වගේ හැඩවෙලා රසිකයින්ව මවිත කළ ආදරණීය තාර්යාට, අපිත් හදවතින්ම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා!