හැමෝම ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පියා ගැන අද විශේෂයෙන් කතා කරන්න හරිම අපූරු හේතුවක් තියෙනවා. ඒ තමයි රොෂාන් ඔහුගේ නිල මුහුණුපොත ගිණුමට එක් කර තිබූ ආදරණීය ඡායාරූප දෙකක් නිසා...
ඔහුගේ ආදරණීය බිරිඳ සමඟ ලබාගත් මෙම ඡායාරූප දෙකේ විශේෂත්වය වන්නේ, ඉන් එකක් මීට වසර දෙකකට පෙර ලබාගත්ත එකක් වීමත්, අනෙක මෙන්න මේ ළඟකදී ලබාගත්ත එකක් වීමත්ය.
කාලය කොතරම් වෙනස් වුණත් ඔවුන් අතර තියෙන ආදරයේ වෙනසක් නැති බව කියාපාන ඒ අවුරුදු දෙකක වෙනස දැක්වෙන අපූරු ඡායාරූප දෙක, මේ වන විට සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන්ම පැසසුමට ලක්ව තිබෙනවා.