BBC හි ප්‍රසිද්ධ "Newsnight" වැඩසටහන සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හන්ටර් බයිඩන් තමන්ගේ තාත්තාගේ අසනීප තත්ත්වය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා.
"පිළිකාව ශරීරය පුරා පැතිර ගොස් තිබෙනවා. එය අස්ථි වෙත පැතිරී තවත් ඉදිරියට ගොස් අවසන්. මෙය ඉතා වේදනාකාරී වගේම බොහෝ පැතිවලින් දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයක්," යනුවෙන් හන්ටර් බයිඩන් එහිදී සඳහන් කර තිබෙනවා.
ජෝ බයිඩන් ධවල මන්දිරයෙන් සමුගෙන මාස හතරකටත් අඩු කාලයකදී, එනම් 2025 මැයි මාසයේදී, තමාට අක්‍රමවත් ලෙස පැතිරෙන ප්‍රොස්ටේට් පිළිකාවක් ඇති බවත්, එය අස්ථි දක්වා පැතිර ගොස් ඇති බවත් මුලින්ම ප්‍රසිද්ධියේ හෙළි කළා.
අනතුරුව ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසූ පරිදි 2025 ඔක්තෝබර් මාසයේ සිට ජෝ බයිඩන්ව විකිරණ ප්‍රතිකාර සහ හෝමෝන ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ.
2020 වසරේදී ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයගන්නා විට එරට ඉතිහාසයේ පත්වූ වයස්ගතම ජනාධිපතිවරයා වූයේද ජෝ බයිඩන්ය. 2021 සිට 2025 දක්වා පැවති ධුර කාලය පුරාවටම ඔහුගේ ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වය ද මුළු ලෝකයේම දැඩි කතාබහට ලක්වුණා.
කෙසේ වෙතත්, ලෝකයම පාලනය කළ මේ අතිශය බලගතු හිටපු නායකයා අද වන විට රෝගී තත්ත්වය නිසා මහත් වේදනාවකින් පසුවන බවට ලැබෙන පුවත බොහෝ දෙනෙකුගේ කම්පනයට හේතු වී තිබෙනවා.