මේ දෙන්නා ගැන දැනගන්න, එයාලගේ අලුත්ම තොරතුරු හොයාබලන්න රසිකයෝ හැමතිස්සෙම වගේ ගොඩක් උනන්දුයි.
පහුගිය දවසක මේ දෙන්නා හරිම ලස්සනට, වෙනදාටත් වඩා හැඩවෙලා විශේෂ ගමනක් ගිහින් තිබුණා. සමාජ මාධ්‍යවල මේ ඡායාරූප දැක්කම ගොඩක් අයට හිතුණේ මේ ආදරණීය ජෝඩුව කොහෙද මේ මෙච්චර ලස්සනට ඇඳගෙන යන්නේ කියලයි.
බැලින්නම් මේ ආදරණීය යුවළ මේ විදිහට හැඩවෙලා ගිහින් තියෙන්නේ, මෑතකදී රිලීස් වුණු හැමෝම ආදරයෙන් වැළඳගත්ත "ආදරණීය තරුවක්" චිත්‍රපටය නරඹන්නයි.
චිත්‍රපටයේ නම වගේම මේ දෙන්නගේ ආදරණීය බැඳීමත් ඒ තැනට ගෙනාවේ ලොකු ලස්සනක්. ශෙරිල්ගේ සහ රුවන්ගේ මේ අපූරු පෙනුමත් එක්ක, එතැන හිටපු හැමෝගෙම අවධානය ඔවුන් වෙත යොමුවෙලා තිබුණු බවත් ආරංචියි. කොහොම වුණත්, මේ ආදරණීය යුවළ කාලෙකට පස්සේ මේ විදිහට සතුටින් කාලය ගතකරනවා දකින්න ලැබුණු එක ඔවුන්ගේ රසිකයින්ටත් ගෙනාවේ ලොකු සතුටක්!