ඒ අනුව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ මේ වන විටත් පිටාර මට්ටම ආසන්නයටම ළඟා වී ඇති බවයි.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 1.2ක් දක්වා ළඟා වී ඇති අතර, ගත වූ පැය 24 තුළ එම ජලාශ ප්‍රදේශයට මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3.4ක් දක්වා ළඟා වී ඇති අතර, ගත වූ පැය 24 තුළ එම ජලාශ ප්‍රදේශයට මිලිමීටර් 29ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජල මට්ටම මෙලෙස වේගයෙන් ඉහළ යෑමත් සමඟ කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජලාශවල වාන් දොරටු ඕනෑම මොහොතක විවෘත කිරීමට ආසන්න මට්ටමක පවතින බැවින්, මස්කෙළි ඔය දෙපස පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙසයි බලධාරීන් හදිසි දැනුම්දීමක් කරන්නේ.