පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCID) හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මීට පෙර අදාළ කැඳවීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සූදානමින් සිටියේ පෙරවරු 10.30 ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටීමටයි.
කෙසේ වෙතත්, අත්අඩංගුවට පත්වීමට පෙර අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට ඇතැම් පිරිස් විසින් වැරදි අර්ථකථන ලබාදී ඇති බවයි.
පොහොට්ටුවේ මහ ලේකම්වරයාගේ මෙම හදිසි අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ වන විට දේශපාලන කරළියේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.