ඉදිරි පැය 36 ඇතුළත ලංකාවේ ප්‍රදේශ කිහිපයකටම හිතාගන්න බැරි තරමේ තද වැස්සක් කඩාගෙන හැලෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අලුත්ම හදිසි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
කාලගුණෙන් කියන විදිහට මේ සැරෙත් වැස්සෙන් වැඩිපුරම බැටකන්න වෙන්නේ කඳුකරේ සහ සබරගමුවේ අයට තමයි. ඒ අනුව සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වඩා වැඩි අතිශය තද වැසි ඇතිවෙන්න පුළුවන්ලු.
ඉතින් මේ පැතිවල නායයෑම් සහ ගංවතුර අවදානම් කලාපවල ඉන්න අය වෙනදටත් වඩා ගොඩක් විමසිලිමත් වෙන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ!
ඒ වගේම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉන්න අයටත් අදයි හෙටයි නම් එළියට බහිනකොට කුඩයක් හරි රේන් කෝට් එකක් හරි අරගෙනම යන එක තමයි හොඳ.
මොකද ඒ පැතිවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන් කියලයි දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.
අයහපත් කාලගුණය නිසා කොයි වෙලාවේ මොන දේ වෙයිද දන්නේ නැහැනේ. ඒ නිසා ගමන් බිමන් යද්දී පරිස්සම් වෙන්න.