ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ලෝකය පුරා බලපාන "එල් නිනෝ" තත්ත්වයයි.
මේ නිසා වෙන බලපෑම්වලින් වගාවන් බේරගන්න නම්, කෘෂිකර්ම බලධාරීන් දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න කියලා තමා මහාචාර්යවරයා උපදෙස් දෙන්නේ.
මේ අතර, වැසි නොලැබුණත් දැනට ජලාශවල තියෙන වතුර ප්‍රමාණය ඉදිරි මාස 03ටම අඛණ්ඩව සැපයීමට ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමති සුසිල් රණසිංහ මහතා පවසනවා. ලබුගම ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා කිව්වේ කාලගුණය වෙනස් වන ආකාරය අනුව මේ තත්ත්වය යම් වෙනසක් වෙන්නත් පුළුවන් බවයි.
මේ අතර, පවතින දරුණු වියළි කාලගුණය සහ නිසි ජල කළමනාකරණයක් නැතිකම නිසා පොළොන්නරුව, තණමල්විල ඇතුළු ප්‍රදේශ රැසක කුඹුරු අක්කර දහස් ගණනක් ඇස් පනාපිටම වේලී විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නගනවා.
මේ අතර ප්‍රමාණවත් තරම් වතුර නැති නිසා ඇතැම් කුඹුරුවලට වතුර දෙන්න බැරි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියලා තියෙනවා.වැව් සිඳී යාම නිසා අක්කර 115කට ආසන්න කුඹුරු ප්‍රමාණයක් මේ වෙනකොටත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි...
වගාවන් විනාශ වෙනවා මදිවට, රජයෙන් හරියාකාරව වී සඳහා ස්ථිර මිලක් නැති කම සහ අස්වැන්න ගබඩා කරගන්න පහසුකම් නැති නිසාත් තමන් දැඩි අසරණකමකට පත්වෙලා ඉන්න බවයි ගොවි ජනතාව කඳුළු සලමින් කියා සිටින්නේ.