ඒ, අසනීප වී අමාරුවෙන් සිටි පියෙකු රෝහල් ගත කිරීම සඳහා, අධික රථවාහන තදබදය මධ්‍යයේ තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් පාර ඉඩ සකසා දුන් නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු පිළිබඳව තැබූ සංවේදී සටහනක් නිසාවෙනි.
මෝටර් රථ සහ විශාල වාහන අතරින් රිංගමින්, පාරේ අනෙකුත් වාහන ඉවත් කරමින් මෙම තරුණයින් දෙදෙනා ලබා දුන් මඟපෙන්වීම නිසා අදාළ පියාව ඉතා ඉක්මනින් රෝහල වෙත ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.
තමන්ට පිහිට වූ ඒ නාඳුනන තරුණයින් දෙදෙනාට හදවතින්ම ගෞරවය සහ ස්තූතිය පුද කරමින් අදාළ පුද්ගලයා සමාජ මාධ්‍ය සටහන තබා තිබුණේ මෙලෙසින්,
"අසනීප වෙලා අමාරුවෙන් හිටපු මගේ තාත්තව hospital දාන්න, තමන්ගෙ ජීවිතේත් අවදානමේ දාගෙන, පොඩි වාහන වගේම ලොකු වාහන වල අස්සෙන් අස්සෙන් දාගෙන traffic වැඩිම වෙලාවක, පාරෙ ඉඩ හදල දුන්න උඹල දෙන්නට ගොඩක් පිං මල්ලී...
නමක් ගමක් නම් දන්නෙ නෑ. හැබැයි ඒ තමයි මිනිස්සු.. කරදරෙන් හිටපු වෙලාවේ අහම්බෙන් සෙට් වෙලා ඒ දුන්න support එකට එකෙන්ම RESPECT"
මුහුනු පොත ඇසුරෙන් ගත් සටහනක් ඇසුරෙන්