මහ බැංකුව කියන විදිහට, මේ රක්ෂිත තැන්පත්කරුවන්ගේ වන්දි මුදල් ගෙවීමේ කටයුතු අගෝස්තු 1 වැනිදා (හෙට) සිට නිල වශයෙන් ආරම්භ වෙනවා. මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය 2026 ජූලි 3 වැනිදා ඉඳන් අවලංගු කළාට පස්සේ, කාගෙත් හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙට තමයි මේ විසඳුම ලැබිලා තියෙන්නේ.
ඔබත් සුදුසුකම් ලබන තැන්පත්කරුවෙක් නම්, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඔබේ සමස්ත තැන්පතු වටිනාකම අනුව උපරිම රුපියල් මිලියන 1.1ක් (ලක්ෂ 11ක්) දක්වා වන්දි මුදලක් ලබාගන්න පුළුවන්. මේ සල්ලි බෙදලා දෙන්නේ මහජන බැංකුවේ තෝරාගත් ශාඛා හරහායි. සල්ලි කෙලින්ම ගිණුමට දාගන්න වගේම, කවුන්ටරයෙන් අතට ගන්නත් පහසුකම් සලසලා තියෙනවා.
ඔයාගේ තැන්පතුව රුපියල් 5,000ට අඩු නම් සහ දැනටමත් මහජන බැංකුවේ ගිණුමක් තියෙනවා නම්, වද වෙන්න දෙයක් නෑ. ඉල්ලුම්පත් සහ අවශ්‍ය ලියකියවිලි ඔන්ලයින් (විද්‍යුත් ක්‍රමයට) යවන්න පුළුවන්.
අනිත් හැමෝම තමන්ගේ මුල් තැන්පතු සහතික, හැඳුනුම්පත් වගේ ලියකියවිලි එක්ක නියමිත ඉල්ලුම්පත පුරවලා මහජන බැංකුවේ නම් කරපු ශාඛාවකට ගිහින් දෙන්න ඕනේ.
මේ ගිණුම් තියෙන අය වෙන වෙනම ඉල්ලුම්පත් දෙන්න ඕනේ කියලා තමයි මහ බැංකුව කියන්නේ.
බැංකුවට යන්න අමාරු අයට නීත්‍යානුකූලව පත් කරපු ඇටෝර්නි බලපත්‍ර හිමියෙක් හරහා මේ වැඩේ කරගන්නත් පුළුවන්.
මේ සල්ලි ගන්න හෙටම බැංකු ගාව රස්තියාදු වෙන්න ඕනේ නැහැ. රක්ෂිත තැන්පත්කරුවන්ට වන්දි ඉල්ලන්න 2032 ජූලි 2 වැනිදා වෙනකන්ම කල් දීලා තියෙනවා.
වැඩි විස්තර ඉල්ලුම්පත් සහ ප්‍රශ්නවලට උත්තර මහ බැංකුවේ වෙබ් සයිට් එකෙන් වගේම, මහජන බැංකුවේ තෝරාගත් ශාඛාවලින් මුද්‍රිත පිටපත් විදිහටත් ගන්න පුළුවන්. තවත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ විසඳුම් දෙපාර්තමේන්තුවට කතා කරලා අහගන්නත් අවස්ථාව තියෙනවා!