ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝ වගේම චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත්ත ඇය සමාජ මාධ්‍ය තුළත් නිතරම වගේ ක්‍රියාකාරී චරිතයක්.
ඉතින් පහුගිය දවසක ලෝචනා ඇගේ ෆේස්බුක් ගිණුමේ හරිම ලස්සන ඡායාරූප කිහිපයක් පළකරලා තිබුණා. මේ ෆොටෝස්වල හිටියේ වෙන කවුරුත් නෙවෙයි, ඇගේ ජීවිතේ වටිනාම සම්පත වෙන ඇගේ ආදරණීය පුංචි පුතා.
පුතා එක්ක ගත කරන සුන්දර අවස්ථාවන් කිහිපයක් තමයි ඇය මේ විදිහට කැමරා කාචයේ සටහන් කරගෙන තිබුණේ. මේ අම්මගෙයි පුතාගෙයි ආදරණීය බැඳීම ඒ ඡායාරූපවලින් ගොඩක් ලස්සනට පේන්න තිබුණා.
හැබැයි මේ ෆොටෝ ටික වගේම ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්තේ ඇය ඒකට දාලා තිබුණු ලස්සන වගේම සංවේදී සටහන.
"Unconditional love asks nothing. Not even that it be returned" කියලයි ඇය එතන සඳහන් කරලා තිබුණේ.
මේකෙ සරල තේරුම වෙන්නේ "කොන්දේසි විරහිත ආදරය කිසිවක් ඉල්ලා සිටින්නේ නැත. අවම වශයෙන් ඒ ආදරය පෙරළා ලබා දෙන ලෙසවත් ඉල්ලන්නේ නැත" කියන එකයි. ඇත්තටම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට දක්වන ඒ අපරිමිත ආදරය මේ වචන ටික ඇතුළේ කොච්චර ලස්සනට ගැබ්වෙලා තියෙනවද කියලා ඒක දැක්කම ඕනේ කෙනෙකුට තේරෙනවා.
දරුවෝ වෙනුවෙන් අම්මා කෙනෙක් දෙන ආදරේට කිසිම කොන්දේසියක් නෑ කියන එක ලෝචනා මේ විදිහට අපූරුවට සටහන් කරලා තිබුණා.


