වසර 40කට අධික කාලයක් පුරා ඔහු පණ දුන් අපූරු චරිත තවමත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ අමරණීයව තියෙනවා.
ඔන්න ඉතින් අද ඔහු ගැන සමාජ මාධ්‍ය පුරා විශේෂයෙන් කතාබහ වෙන්න හරිම සුන්දර හේතුවක් නිර්මාණය වෙලා තිබුණා. ඒ, ඔහු සිය මුහුණු පොතට එකතු කර තිබූ අතීත රූපරාමුවක් නිසාවෙනුයි.
ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය සමඟින් අතීතයේ ගත් ඉතාමත් සුන්දර ඡායාරූපයක් බෙදාගනිමින් ඔහු සටහන් කර තිබුණේ හදවතටම දැනෙන පද පේළි කිහිපයක්.
"මෙතනම යාලුවෙලා,,, හාදවෙලා,,,
රඟමඬලේ රඟන කලේ..
1985 අවුරුද්දේ ...
ගාලු පුරහල ඉදිරිපිට වීදීනාට්‍ය
රංගය පටන්ගන්න ටිකකට කලින්...
දීපානියි... මමයි..."
1985 තරම් ඈත අතීතයේ, ගාල්ල පුරහල ඉදිරිපිට පැවැති වීථි නාට්‍යයකට මුහුණ දෙන්න මොහොතකට කලින් ගත්තු මේ ඡායාරූපය සහ ඒ ආදරණීය මතකය දුටු බොහෝ දෙනෙක් ඊට එකතු කර තිබුණේ හරිම සුන්දර ප්‍රතිචාර.