රාජකීය කිරුළේ දෙවැනි උරුමකරුවා වන ජෝර්ජ් කුමරු (Prince George) සිය 13 වැනි උපන්දිනය සමරන අතරතුර, සිය පියා වන විලියම් කුමරුගේ මඟ යමින් ප්‍රකට ඊටන් විද්‍යාලයට (Eton College) ඇතුළත් වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
ජෝර්ජ් කුමරුගේ උපන්දිනය වෙනුවෙන් කෙන්සිංටන් පාලිමය (Kensington Palace) විසින් ඔහුගේ නවතම ඡායාරූපයක් නිකුත් කර ඇති අතර, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජිනද කුමරුට සුබ පැතුම් එක් කර තිබෙනවා.
අධ්‍යාපනයේ සහ රාජකීය දිවියේ නව පියවරක්ලබන සැප්තැම්බර් මාසයේදී ඊටන් විද්‍යාලයේ නේවාසික අධ්‍යාපනය ආරම්භ කිරීමට නියමිත ජෝර්ජ් කුමරුට, යොවුන් වියේ අභියෝග මෙන්ම නව පාසල් පරිසරයකට හැඩගැසීමට සිදුවනු ඇතියි.
රාජකීය විචාරක රිචඩ් ෆිට්ස්විලියම්ස් (Richard Fitzwilliams) සඳහන් කරන්නේ කුමරු කුඩා කල සිටම රාජකීය වගකීම් සඳහා ක්‍රමයෙන් යොමු කරමින් සිටින බවයි. වයසින් මුහුකුරා යන විට ඔහු මහජනතාව හමුවට පැමිණෙන වාර ගණන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 2013 ජූලි 22 වන දින ලන්ඩනයේ 'සාන්ත මේරි' (St Mary's) රෝහලේදී උපත ලැබුවා. ඔහුගේ සම්පූර්ණ නම ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස් (George Alexander Louis) වෙනවා.
පළමු රාජකීය සංචාරය: 2014 අප්‍රේල් මාසයේදී, මාස 8ක් තරම් කුඩා වයසේදී, නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයකට සිය දෙමාපියන් සමඟ එක් වුණා. 2017 දී ලන්ඩනයේ පෞද්ගලික පාසලකට ඇතුළත් වූ අතර, 2022 සිට වින්ඩ්සර් හි පිහිටි ලැම්බෲක් පාසලේ (Lambrook School) අධ්‍යාපනය ලැබීය. ඔහුගේ සහෝදරිය වන ෂාලට් කුමරිය (11) සහ සහෝදරයා වන ලුවිස් කුමරු (8) ද මෙම පාසලට ඇතුළත් වුණා.
"විලියම් සහ කැතරින් යුවළ ජෝර්ජ් කුමරුට හැකි තරම් සාමාන්‍ය, සරල ළමා කාලයක් ලබා දීමට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා." රිචඩ් ෆිට්ස්විලියම්ස්, රාජකීය විචාරකප්‍රධාන රාජකීය උත්සව සඳහා දායකත්වයජෝර්ජ් කුමරු දැනටමත් ප්‍රධාන රාජකීය උත්සව රැසකට සම්බන්ධ වී සිටිනවා.
බකිංහැම් පාලිමයේ බැල්කනියේ සිට මහජනතාව ඇමතීමේ 'Trooping the Colour' උත්සවයට මෙන්ම, 2023 වසරේ පැවැති චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යයේදී රාජකීය ඇඳුම් ආයිත්තම් දරා සිටීමේ විශේෂ කාර්යයටද ඔහු එක් වුණා.