ඔහු ගැන සමාජමාධ්‍යයේ පළවන සටහන් නිසා මේ වෙනකොට හැම කෙනෙක්ම මේ පුවත ගැන සංවේදී වෙලා.. රාගම පොලිසියට අනියුක්තව සේවය කළ මල්සිරි මහතා එම පොලිසියේ Traffic Branch එකේ කටයුතු කරමින් ඉන්නකොට නොසිතූ ලෙස අනතුරකට ලක්ව තිබුණා.
එලෙස අවාසනවන්ත හදිසි අනතුරකට මුහුණදුන් ඔහු මේ වෙද්දි ඔත්පල වෙලා ඉන්න බවට සමාජමාධ්‍යයේ සටහන් පළවී තිබුණා. කෙසේහෝ මල්සිරිගේ හැම දේම අද ළගට වෙලා කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ සමිතා.
මොන තරම් ජීවිතයේ අසීරු කාලයක් ආවත්, ආදරණීය බිරිඳක් , දරුවන් , සහෝදරයො , දෙමව්පියො , හිතමිතුරො ලබන්න තරම් ඇත්තටම ඔහු පින් කරලා තියනවා.
සමාජයට සේවය කළ ඔහුට ඉක්මන් සුව වගේම නැවතත් ඔහුට සුපුරුදු ජීවිතය ගත කරන්න පෙර පරිදිම හැකියාව ලැබෙන්න කියලා අපිත් ඔහුට ප්‍රාර්ථනා කරමු.