ඒ, තරුණයෙක් තමන්ගේම ජීවිතය හානිකර ගන්නා අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කරමින් මෙලොවින් සමුගත් බියකරු වීඩියෝ පටයක්.
මුළු තාරුණ්‍යයටම ලොකු පාඩමක් ඉතිරි කරලා, නොසිතූ මොහොතක සමුගත් මේ ආදරණීය තරුණයා නමින් මධූ. ඇයි ඔහු මේ වගේ තීරණයක් ගත්තේ? ඔහු අවසන් මොහොතේ වින්දේ කෙබඳු වේදනාවක්ද?
මධූගේ මේ බලාපොරොත්තු නොවුණු සමුගැනීමෙන් පස්සේ, ඔහුගේ කුඩා කාලයේ ඉඳන්ම පණ වගේ හිටපු සමීපතම මිතුරෙක් තැබූ සංවේදී සටහනක් නිසා මුළු සමාජ මාධ්‍යම අද හඬා වැලපෙනවා. සැබෑ මිතුරා කවුද, ව්‍යාජ මිතුරන් කවුද කියා පෙන්වා දෙන, පපුව කීරිගැසී යන ඒ සටහන කියවන කාගේ වුණත් ඇස්වලට කඳුළු උනන එක නවත්වන්න බැහැ.
මිතුරා තැබූ ඒ සටහන මෙන්න..
මම එදා මගේ වචනවලින් උඹව නැවැත්තුවා බං. උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා.මගේ දුක කියන්න මම මගේ යාලුවො 100 කට විතර කෝල් කරා කිවුවා එකෙක්වත් ආන්ස්වර් කලේ නෑ කිවුවා.
අන්තිමට කෝල් කලේ උඹට කිවුවා.උඹ විතරයි කිවුවා කෝල් එක ආන්ස්වර් කලේ.එදා උඹ මාත් එක්ක කෝල් කරලා කියපු දේවල් එක්ක මම උඹේ හිත හැදුවා බං. එදා හරි K-D යා.කියලා දවස් කීයද බං ගියේ ඇයි බං මෙහෙම උඹ කරගත්තෙ? උඹ මට හැමදේම කිවුවා බං උඹට වුනු දේවල්,කරපු දේවල්…
මම උඹට කිවුවා උඹේ ලඟ බෝතලේට ඉන්න යාලුවෙක් නෙවෙයි මම,උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කියලා.මට ඕනිම වෙලාවක ඕනිම දෙයක් කියපන් කියලා.මේ හැමදේටම වගකියන්න ඕන උන් මේ මිහිපිටම විඳවනවා බං.උඹව මේ තත්වෙට පත් කලාට…
මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා මධූ උඹට නිවන් සුව බං…මම මේ දේනම් කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ බං…කියන්න වචන නෑ යකෝ…මට.ගේමක් ගහගනින් කියලා උඹ මොකද්ද බං මේ කරගත්තේ.එදා වගේ මට අදත් කෝල් කරන්න තිබ්බා බං උඹට මම උඹේ පොඩි කාලේ ඉඳලා යාලුවා මධූ."