Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
13
"උඩින් ඉස්කෝලේ.. යටින් ගරාජ් එක!" ඩෙංගු මදුරුවෝ පෙන්නලා දුන්නු ගම්පොළ අබිරහස් කාමරය.

- "උඩින් ඉස්කෝලේ.. යටින් ගරාජ් එක!" ඩෙංගු මදුරුවෝ පෙන්නලා දුන්නු ගම්පොළ අබිරහස් කාමරය.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

240 Views

ඩෙංගු මර්දන ශ්‍රමදානවලින් හැමදාම වගේ අහන්න ලැබෙන්නේ මදුරුවෝ බෝවෙන තැන් හොයාගත්ත කතානේ.


හැබැයි ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ ඉස්කෝලෙකින් මේ පාර ඇහුණේ නම් හිතාගන්නවත් බැරි අමුතුම ජාතියේ කතාවක්. ඉස්කෝලේ ළමයිනුයි, ගුරුවරුනුයි, කාර්ය මණ්ඩලයයි එකතු වෙලා ඩෙංගු ශ්‍රමදානයක් කරද්දී, ඉස්කෝලේ පොළොව යටින් අබිරහස් කාමරයක් මතුවෙලා!

මේ සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. ඉස්කෝලේ කැන්ටිමේ එකතුවෙන වතුර ටික යවන්න කාණුවක් කපන්න කියලා උපදෙස් ලැබිලා, කට්ටිය එකතුවෙලා අඩි එකහමාරක්, දෙකක් විතර ගැඹුරට පොළොව හාරලා තියෙනවා. එහෙම හාරද්දී එකපාරටම කොන්ක්‍රීට් තට්ටුවක් මතුවෙලා. කට්ටිය හිතලා තියෙන්නේ මේක පරණ කාණුවක් වෙන්න ඇති කියලා. ඉතින් ඒ කොන්ක්‍රීට් එක කඩලා, කැන්ටිමේ වතුර ටික ඒක ඇතුළට හරවලා යවලා.

වතුර ටික යවලා ටික වෙලාවක් යද්දී, ඉස්කෝලේ වැටෙන් එහා පැත්තේ තියෙන අල්ලපු ගෙදරකින් කාන්තාවක් කලබලෙන් දුවගෙන ඇවිත්. ඇවිත් කියනවා, "ඔයාලා ඉස්කෝලෙන් දාපු බටයක් අපේ ගෙදර සීලිං ෆෑන් එක ළඟට ඇවිත්, දැන් අපිරිසිදු වතුර ඔක්කොම වැටෙන්නේ අපේ බිල්ඩිම ඇතුළට" කියලා! ශ්‍රමදානේ කර කර හිටපු අයට මේක ඇහුවම උඩගිහින්.

පස්සේ හොඳට හොයලා බලද්දී තමයි නියම කතාව එළියට ආවේ. ගම්පොළ නගරය කිට්ටුව නව වීදියේ තියෙන මේ ගෙදර අය, තමන්ගේ ගෙදර අඩි 40ක විතර දිග කොටසක් අනවසරයෙන් ඉදිකරලා තියෙන්නේ ඉස්කෝලේ වත්තට යටින්! ඉස්කෝලෙන් පරණ කාණුවක් කියලා හිතලා කඩලා තියෙන්නේ ඒ ගෙදර අයගේ ගරාජයේ සහ ගබඩා කාමරයේ වහලේ කොන්ක්‍රීට් එකයි.

අල්ලපු ගෙදර අය ඉස්කෝලේ ඉඩම අල්ලගෙන පොළොව යටින් ගහපු මේ හොර ගරාජ් වැඩේ මාට්ටු වුණාට පස්සේ, විදුහල්පතිවරයා වහාම ගම්පොළ පොලිසියට සහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරලා තියෙනවා. දැන් මේ ඉඩම් අල්ලාගැනීම සහ අනවසර ඉදිකිරීම ගැන දැඩි පරීක්ෂණයක් පටන් අරන් කියලයි ආරංචිය.

කොහොම වුණත් ඩෙංගු ශ්‍රමදානෙන් මදුරුවෝ හොයන්න ගිහින් පොළොව යටින් මතුවුණු මේ 'හොර ගරාජයේ' කතාව නම් දැන් ගම්පොළ පුරාම ලොකු කතාබහක් ඇතිකරලා තියෙනවා!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top