හෝමූස් සමුද්‍ර සන්ධිය හරියේ හටගෙන තියෙන මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක, ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර ආයෙමත් අලුත් කරලා තියෙනවා. හැබැයි මේකේ ප්‍රතිඵලයක් විදිහට මුළු ලෝකෙටම අහුවෙන තැනට දැන් වැඩ සිද්ධ වෙලා! ඒ තමයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ආයෙමත් හිතාගන්න බැරි වේගෙකින් ඉහළ යන්න පටන් අරන් තියෙන එක.
වාර්තා වෙන විදිහට මේ වෙද්දී බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79 සීමාවත් පහුකරලා වෙළඳාම් වෙනවා. ඒ වගේම WTI බොරතෙල් බැරලයක මිලත් ඩොලර් 74ක් දක්වා ඉහළ ගිහින්.
මේක කොච්චර ඉක්මනට සිද්ධ වුණාද කියනවා නම්, මේ පහුගිය සිකුරාදා (10) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් තිබුණේ ඩොලර් 76කට. WTI බැරලයක් තිබුණේ ඩොලර් 72කට. ඒ කියන්නේ දවස් කිහිපයක් ඇතුළත මේ ප්‍රධාන තෙල් මිල දර්ශක දෙකම සැරටම උඩ ගිහින්.
ඉතින් මේ විදිහට යුද්ධය අස්සෙන් ලෝකෙම තෙල් මිල ඉහළ යනවා කියන්නේ, ඉස්සරහට ලෝකෙ පුරාම ආර්ථිකයටත් මේකේ රස්නේ අනිවාර්යයෙන්ම දැනෙන්න ගන්නවා. යුද්ධේ මොන පැත්තට පෙරළෙයිද, තෙල් මිල තවත් කොච්චර දුරට යයිද කියලා දැන් මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ හරිම කනස්සල්ලෙන්!