පසුගියදා ඔහු විසින් නිකුත් කරන ලද විශේෂ නිල නිවේදනයක් හරහා මේ බව දැනුම් දී ඇති අතර, එය තම රසික රසිකාවියන්ගේ දැඩි ඉල්ලීම සහ උවමනාව මත සිදු කළ ප්‍රකාශනයක් බවයි ඔහු අවධාරණය කරන්නේ.
වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ නවීන AI තාක්ෂණය භාවිත කරමින් ප්‍රවීණ ගායකයින්ගේ හඬවල් අනුකරණය කරමින් විවිධ ගීත නිර්මාණය කිරීම (AI Covers) සහ පැරණි ගීත Remix කිරීම හෝ Cover Versions ලෙස නැවත ගායනා කිරීම බහුලව දැකගන්නට ලැබෙනවා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂර්ලි වෛජයන්ත මහතා සඳහන් කරන්නේ තමන්ගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව කිසිදු ආකාරයකින් තම ගීත භාවිත නොකළ යුතු බවයි.
ඔහු නිකුත් කළ නිල නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා..
"මාගේ ගීත කිසිවක් AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ගායන (AI Covers), AI හඬ අනුරූ, Remix, Cover Version, Copy, Re-upload, Edit කිරීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් පූර්ව ලිඛිත අවසරයකින් තොරව භාවිත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම සිදු නොකළ යුතුය. එවැනි අනවසර භාවිතයන් මගේ කෘතිවල ප්‍රකාශන අයිතිය (Copyright), නිර්මාණාත්මක වටිනාකම සහ මුල් කෘතියේ අයිතිවාසිකම්වලට හානි සිදු කළ හැකිය."
කිසියම් හෝ පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම දැනුම්දීම නොතකා තමන්ගේ අවසරයකින් තොරව ගීත භාවිත කළහොත්, ඒ සම්බන්ධයෙන් Copyright (ප්‍රකාශන හිමිකම්) පැමිණිලි ඉදිරිපත් කිරීමටත්, අන්තර්ගතයන් ඉවත් කිරීමට ක්‍රියා කරන අතරම අවශ්‍ය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පසුබට නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙතෙක් කාලයක් තමන්ගේ ගීතවලට ආදරය කළ සහ ඒවාට ගෞරව කරන සියලුම ආදරණීය රසික රසිකාවියන්ට ස්තූතිය පළ කිරීමට ද ඔහු අමතක කර නැහැ.
