බොහෝ දෙනෙක් වේදිකාව මත සහ ගායන ක්ෂේත්‍රය තුළ දකින වේරලියද්දයන්ගේ කලා ගමනේ ආරම්භය සහ ඔහුට කලාවේ මුල් අකුරු කියාදුන් ගුරුවරයා ගැනයි ඔහු මෙලෙස මතක අවදි කර තිබුණේ.
තමන්ගේ ආදරණීය ලොකු අයියා සමඟ පැරණි මෝටර් බයිසිකලයක නැගී ගත් අපූරු ඡායාරූපයක් බෙදාගනිමින් ඔහු තැබූ ඒ සංවේදී සටහන පහතින්..
"මේ ඉන්නේ මගේ මුල්ම නැටුම් ගුරුවරයා.
ඒ කාලෙ පන්දම් එළියෙන් අයියලා නටන දිහා පුංචි ඇස් දෙකෙන් බලාගෙන හිටපු මට, ඒ රිද්මයත්, ඒ කලාවත් හිතට තදින්ම බැඳුණා. ඒ ආදරය හීනයක් වෙන්න ඉඩ නොදී, නර්තන කලාවේ මුල් අකුර කියා දුන්නෙත්, අත අල්ලගෙන මුල් පියවර තියන්න ඉගැන්නුවෙත් වෙන කවුරුත් නෙවෙයි..
මගේ ලොකු අයියා..
අද මිනිස්සු දකින්නේ වේදිකාවේ ඉන්න මාව විතරයි. ඒත් ඒ වේදිකාවට යන්න මුල්ම පියවර තිබ්බේ මේ මනුස්සයාගේ අතින්. ඒ නිසා මගේ ගමනේ මුල්ම ගෞරවය හැමදාමත් ඔහුටයි.
අපි දෙන්නා වගේම, අපේ මතක වගේම, මේ පරණ වණ්ඩියටත් දැන් ගොඩක් වයසයි. ඒත් මේ දේවල් එක්ක අපි එකට ගෙවපු සුන්දර කාලයේ මතක සටහන් තවමත් ජීවත් වෙනවා."
කිසිදා තමන් පසුකර ආ ගමන් මඟ සහ තමන්ට අතහිත දුන් ආදරණීයයන් අමතක නොකරන සේනානායක වේරලියද්දයන්ගේ මේ කෘතගුණ සැලකීමේ අපූරු ගුණාංගයට රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර සහ ආශිර්වාද හිමිවෙමින් පවතිනවා.
