පාලුවෙන්, තනිකමෙන් ඉන්න අයට නම් මේක නම් හොද ආරංචියක් වේවි.
චීනයේ ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech සමාගම 'U1' කියලා මානවරූපී (Humanoid) රොබෝවරුන් පෙළක් හඳුන්වා දීලා තියෙනවා.
මේ රොබෝවරුන්ගේ තියෙන විශේෂත්වය තමයි Customization හැකියාව. ඒ කියන්නේ, ගැනුම්කරුගේ කැමැත්ත පරිදි තමන්ගේ ආදරණීයයෙක්ගේ, නැත්නම් තමන් ආසම කරන ප්‍රසිද්ධ කීර්තිමත් තරුවකගේ රූපයට සහ ස්වරූපයට සමාන වෙන විදිහටම මේ රොබෝව ඇණවුම් කරන්න පුළුවන්...
නිකන්ම රොබෝ කෙනෙක් වගේ නෙවෙයි , නම්‍යශීලී, ජීවමාන සමකින් මුළු ඇඟම ආවරණය කරලා තියෙන්නේ. සැබෑ මිනිස් නියපොතු සහ දෑත්වලට සමාන වෙන විදිහටමයි නිර්මාණය කරලා තියෙන්නේ...
හඳුනාගැනීම සඳහා අක්ෂි කැමරා, පපුවේ සවි කළ සෙන්සර් සහ සුපිරියටම ඇහෙන මයික්‍රොෆෝන සවි කරලා තියෙනවා. මිනිස්සුන්ව තේරුම් අරන්, සැබෑ සහකරුවෙක් වගේ ලස්සනට කතාබස් කරන්නත් මෙයාලට පුළුවන්.
UBTech සමාගම කියන විදිහට මේ රොබෝවරු විශේෂයෙන්ම ඉලක්ක කරලා තියෙන්නේ තනිකඩ පුද්ගලයන් සහ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්. තනිකමෙන් සහ පාළුවෙන් කල්ගෙවන අයට ජීවිත කාලයටම ජීවමාන 'ඇන්ඩ්‍රොයිඩ් සහකරුවෙකු'ගේ සහය මෙයින් ලැබෙනවා.
චීනය ඇතුළේ විතරක් තනිකඩයෝ මිලියන 120කුත්, වයස 60ට වැඩි අය මිලියන 320කුත් ඉන්න නිසා මේකට ලොකු Market එකක් තියෙනවා කියලා සමාගම කියනවා.
ඉතින් මේ වගේ වැඩක් කරගන්න සාක්කුවටත් පොඩි තට්ටුවක් දාන්න වෙනවා. චීන යුවාන් 119,800 (ඒ කියන්නේ ඇමෙරිකානු ඩොලර් 17,600ක් විතර) ඉඳන්, ඔයා එකතු කරන තාක්ෂණික උපාංග සහ මූණේ හැඩගැස්වීම් අනුව යුවාන් 990,000 දක්වා වෙනස් මිල ගණන් යටතේ මේ රොබෝවරුන්ව මිලදී ගන්න පුළුවන්.
තාම නිල වශයෙන් මාකට් එකට දාලත් නැහැ, හැබැයි මේ වෙනකොටත් U1 රොබෝවරුන් සඳහා 13,300කට වඩා ඇණවුම් ලැබිලා ඉවරයිලු...UBTech සමාගම ප්ලෑන් කරලා තියෙන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉඳන් මේ රොබෝ සහකරුවන්ව අයිතිකාරයන්ට බාර දෙන්නයි.