ප්‍රියසාද් පවුලේ මේ දඟකාර වගේම ආදරණීය රංගන ශිල්පිනියට ආදරය කරන රසිකයෝ ලංකාවේ හැමතැනම ඉන්නවා.
ශේෂද්‍රි කියන්නේ තමන්ගේ ජීවිතේ ලස්සනම මතකයන්, සතුටුදායක අවස්ථාවන් නිරන්තරයෙන්ම මුහුණු පොත හරහා රසිකයන් එක්ක බෙදාගන්න අමතක නොකරන කෙනෙක්.
ඔන්න ඉතින් මේ පාරත් ශේෂද්‍රි ඇගේ රසිකයන්ට හරිම අපූරු, ආදරණීය සප්‍රයිස් එකක් දීලා තියෙනවා. ඒ තමයි ඇගේ ආදරණීය සැමියා ක්‍රිෂාන් එක්ක කරපු අලුත්ම, ලස්සනම ෆොටෝ ශූට් එකක පින්තූර එකතුවක් ඇය සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණා.
මේ පින්තූරවල ඔවුන් දෙන්නා අතර තියෙන ආදරය, බැඳීම වගේම ඒ සුන්දර හිනාවන් දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිතට දැනෙන්නේ මාරම සතුටක්. ඔයාලත් බලන්නකෝ මේ ආදරණීය කැදැල්ලේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...


