ප්‍රවීණ දමිළ සිනමා නළු සහ අධ්‍යක්ෂ කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු දමිළ සිනමා අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු සහ තිරකතා රචකයෙකු ලෙස කා අතරත් ප්‍රසිද්ධයි. කේ. භාග්‍යරාජ් අද චෙන්නායි හිදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
මියයන විට ඔහු 73 වන වියේ පසුවුණා. මෑතක් වන තුරුම ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ මේ කලාශිල්පියා, සිය අභාවයට දින කිහිපයකට පෙර ගෝවා හි පැවැති ප්‍රකට නිළි සහ දේශපාලනඥ ඛුෂ්බු සුන්දර්ගේ (Khushbu Sundar) දියණියගේ විවාහ මංගල්‍යයට ද සහභාගී වී සිටියා.
සිනමා ජීවිතය සහ සුවිශේෂී සලකුණ තමිල්නාඩුවේ උපත ලැබූ කේ. භාග්‍යරාජ් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ප්‍රසිද්ධ සිනමාකරු භාරතිරාජාගේ (Bharathiraja) සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙනි. පසුව ඔහු 1980 සහ 1990 දශකවල දමිළ සිනමාවේ වඩාත්ම බලපෑම් සහගත තිරකතා රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු බවට පත්වුණා.
ඔහුගේ දීර්ඝ සිනමා ජීවිතය තුළ චිත්‍රපට 25කට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර ඇති අතර, චිත්‍රපට 75කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායක වී තිබෙනවා.
Mundhanai Mudichu, Andha 7 Naatkal, Chinna Veedu, Sundara Kandam, Enga Chinna Rasa සහ Darling Darling Darling ඔහු දායක වූ ජනප්‍රිය සිනමා නිර්මාණ කිහිපයක්.