දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000ට ආසන්න වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව ඊයේ (23) දිනය දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287 ක්.
එමෙන්ම, මෙම මාසයේ ඊයේ දිනය දක්වා ඩෙංගු රෝගීන් 14,446 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10,085ක්.
එමෙන්ම, මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 29ක් වනවා.
මේ අතර, රට තුළ උද්ගතව ඇති ඩෙංගු අධිවසංගත තත්ත්වයක් සමඟ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ නගර සභාව සහ ක්ලීන් ශ්‍රී ලංකා මහලේකම් කාර්යාලය එක්ව අද (24) දින ඩෙංගු පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා ළඟාවිය නොහැකි ස්ථාන පරීක්ෂා කිරීමට drone තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා.
ඒ අනුව ළඟාවිය නොහැකි ස්ථානවල මදුරු කීටයන් බෝ වි ඇතිදැයි පරීක්ෂා කිරීමේ කටයුතු කොළඹ නගර ප්‍රදේශය තුළ සිදුකෙරුණා
මෙම අවස්ථාවට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයේ නිලධාරීන් සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.