වැස්ස නිසා පාර අයිනේ තිබුණු කාණුවක් හිරවීම නිසා මුළු පාරම මඩ වතුරෙන් පිරිලා, හරියට පොඩි වැවක් වගේ වෙලා තිබුණා. ඔය වෙලාවේ තමයි පාසල් ඇඳුමින් සැරසුණු පුංචි දූලා පුතාලා පිරිසක් පාසල් යන්න ඒ පාරට ආවේ.
සුදුම සුදු පාසල් ඇඳුම් ඇඳලා, බෑග් එල්ලගෙන ආපු මේ දරුවන්ට මඩ වතුර බේරිලා යන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. දරුවෝ ටික මඩේ බැහැගෙන, අමාරුවෙන් පාර අයිනෙන් රිංගලා යන්න හදන හැටි දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත උණු වෙනවා.
ඔය වෙලාවේ තමයි ඒ මාර්ගයේ රාජකාරියේ නියුතු වෙලා හිටපු මේ රත්තරන් පොලිස් නිලධාරිතුමා එතැනට ආවේ. තමන් ඇඳගෙන ඉන්න නිල ඇඳුම ගැනවත්, ඒකට මඩ තැවරෙයි කියලවත් ඔහු පොඩ්ඩක්වත් හිතුවේ නැහැ.
ළඟ තිබුණු ගෙදරකින් ඉක්මනට උදැල්ලක් ඉල්ලා ගත්තු ඔහු, වහාම ක්‍රියාත්මක වෙලා පාර අයිනේ හිරවෙලා තිබුණු මඩ කාණුව කපලා වතුර බැහැලා යන්න සැලැස්සුවා... ඔහු ඒ දේ කළේ වෙන කවුරුත් කියපු නිසා නෙවෙයි, තමන්ගේම දරුවෝ වගේ හිතලා හදවතින්ම ආපු මනුස්සකම නිසයි.