මොකද හෙට දහවල් කාලයේ ඉඳන් රාත්‍රී කාලය වෙනකම් මේ මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම සීමා කරන්න පොලිසිය තීරණය කරලා තියෙනවා.
පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරපු විශේෂ නිවේදනයකට අනුව, මේ මාර්ග තදබදයට හේතු වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැත්වෙන සුවිශේෂී ආගමික උත්සවයක්.
අම්බලන්ගොඩ, ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. හෙට දහවල් 02.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 8කට ආසන්න කාලයක් පෙරහැර ගාලු පාරේ ගමන් කිරීමට නියමිතයි.
ගංගාරාම පුරාණ විහාරස්ථානයෙන් පිටත්වී ➔ ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ගාලු පාරට ➔ හිරේවත්ත බුදු පිළිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ වටරවුමට ➔ නැවත ගාලු පාර ඔස්සේ ඌරවත්ත ගංගාරාම මංසන්ධියට පැමිණ විහාරස්ථානයට ගෙවැදීමට නියමිතයි.
මේ නිසා හෙට දහවල් 2න් පස්සේ මේ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිවිය හැකි නිසා පොලිසිය විසින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.
මෙන්න ඔබට බේරෙන්න පුළුවන් විකල්ප මාර්ග (බර වාහන හැර),
පැය ගණන් පාරවල් මැද රස්තියාදු නොවී ලෙහෙසියෙන් මාරු වෙන්න පුළුවන් විකල්ප මාර්ග මෙන්න,
කොළඹ සිට ගාල්ල දෙසට යන වාහන,
සංඝරාජ විහාරය අසලින් ➔ කැපු ඇල හන්දිය ➔ වතුගෙදර හන්දිය ➔ පොල්වත්ත හන්දිය ➔ පොල්ලැව්ව හන්දියෙන් බටපොල හරහා ➔ කහව මංසන්දියෙන් නැවත ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට ඇතුළු විය හැක.
ගාල්ල සිට කොළඹ දෙසට යන වාහන,
කහව බටපොල මංසන්දියෙන් ඇතුළු වී ➔ මිටියාගොඩ හන්දිය ➔ පොල්ලැව්ව හන්දිය ➔ පොල්වත්ත හන්දිය ➔ වතුගෙදර මාර්ගය ඔස්සේ ➔ කැපු ඇල හන්දියෙන් ➔ සංඝරාජ විහාරය අසලින් නැවත ප්‍රධාන මාර්ගයට ඇතුළු විය හැක.