අත්තනගල්ල, කිරිඳිවැල ජල පිරිපහදු ඒකකයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) පෙරවරු 8.00 සිට හෙට (17) පෙරවරු 3.00 දක්වා පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවීම බලපාන ප්‍රදේශ අතර මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ වන බව සඳහන්.
එමෙන්ම ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ ඇතුළත්.
තවද මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මංගලගම, කිරිල්ලවල, කීර්තිවන්ත, තිහාරිය, ඇටි කෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශ වන බව සඳහන්.
මීට අමතරව රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොළ, අත්තනගල්ල, බෝගමුව, වෑබඩවෙල සහ ඒ අවට ප්‍රදේශ මෙන්ම නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.