චීනයට අයත් ටියැංගොං (Tiangong) අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ශාක විශේෂ 14කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව වගා කිරීමට චීන අභ්‍යාවකාශගාමීන් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අභ්‍යාවකාශ උයන තුළ සලාද කොළ, කැරට්, සූරියකාන්ත, අර්තාපල් සහ තිරිඟු වැනි බෝග ඉතා සාර්ථක ලෙස වගා කර තිබීම විශේෂත්වයක්.
මේ අපූරු ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ වී ඇත්තේ අනාගතයේදී චන්ද්‍රයා, අඟහරු සහ ගැඹුරු අභ්‍යාවකාශය වෙත සිදු කෙරෙන දීර්ඝකාලීන මෙහෙයුම් සඳහා අභ්‍යාවකාශගාමීන්ට අවශ්‍ය තිරසාර ආහාර සැපයුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි.
ඊට අමතරව අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ඔක්සිජන් නිපදවීම සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමද මෙම ව්‍යාපෘතිය හරහා සාර්ථකව සිදු වෙනවා.