වතුයායේ සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටි අහිංසක වතු කම්කරුවන් පිරිසකට කිසිවෙකුත් නොසිතූ මොහොතක දරුණු බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම බඹර ප්‍රහාරයට කම්කරුවන් 08 දෙනෙකු ගොදුරු වී ඇති අතර, ඉන් දැඩි ලෙස තුවාල ලැබූ එක් කම්කරුවෙකු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ලිඳුල පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචිව සිටි කේ. සුබ්‍රමණියම් නමැති 77 හැවිරිදි තිදරු පියෙක්.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු කම්කරුවන් 07 දෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.