මීට අවුරුදු ගාණකට කලින් කවුරුහරි කිව්වා නම් මිනිස්සුන්ට හුස්ම ගන්නවත් බැරි කාන්තාරවල මහා කැලෑ හැදෙයි කියලා, අපි හැමෝම හිනා වෙයි නේද? හැබැයි ඔන්න දැන් ඒ සුරංගනා කතාව ඇස් පනාපිටම ඇත්තක් වෙලා. හැබැයි මේ කතාවේ වීරයෝ මිනිස්සු නම් නෙවෙයි... කෘත්‍රිම බුද්ධියෙන් (AI) වැඩ කරන සුපිරි රොබෝවරු සෙට් එකක්!
චීනයේ උතුරු පැත්තේ තියෙනවා තක්ලීමකාන් කියලා අතිවිශාල කාන්තාරයක්. මේක කොච්චර භයානකද කියනවා නම් මිනිස්සු මේකට කියන්නේ මරණයේ මුහුද කියලයි. මේකෙන් එන දරුණු වැලි කුණාටු නිසා ගම්මාන පිටින් විනාශ වෙලා මිනිස්සුන්ට ගෙවල් දොරවල් පවා අතෑරලා යන්න වුණා. චීන ආණ්ඩුව මේකට විසඳුමක් විදිහට මහා හරිත තාප්පය කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තත්, මේ රස්නේ අස්සේ ලක්ෂ ගණන් පැල හිටවන්න මිනිස්සුන්ට පුළුවන් කමක් තිබුණේ නෑ.
ඔන්න ඔය වෙලාවේ තමයි චීන විද්‍යාඥයෝ තීරණය කරන්නේ මේ ගේමට සුපිරි තාක්ෂණයක් බස්සන්න. ඒ අනුව සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් දුවන, ස්වයංක්‍රීයව පැල හිටවන රොබෝවරුන්ව කාන්තාරෙට යැව්වා. මුන්ගේ වැඩ කෑලි දැක්කාම කාට වුණත් පිස්සු හැදෙනවා.
කිසිම ඉන්ධනයක් ඕනේ නෑ කිසිම පවර් කෝඩ් එකක් නෑ. කාන්තාරේ තියෙන කට්ට අව්වෙන් මුන්ගේ සෝලා පැනල් චාජ් වෙනවා. මාස ගණන් තනියම වැඩ කරන්න පුළුවන්.
GPS, High-tech කැමරා සහ Advanced Sensors පාවිච්චි කරලා පැලයක් හදන්න සුදුසුම තෙතමනය තියෙන තැන මුන් තනියම හොයාගන්නවා.
තැන හොයාගත්තට පස්සේ රොබෝ තමන්ගේ යාන්ත්‍රික අත්වලින් වැලි හාරලා, හරියටම පැලේ හිටවලා, වැලිවලින් වහලා, අවශ්‍ය වතුර ටිකත් දාලා තමයි පස්ස බලන්නේ. මේ සේරම වෙන්නේ මිනිස්සුන්ගේ කිසිම උදව්වක් නැතුව 100%ක් ස්වයංක්‍රීයව!
මේ රොබෝ සෙට් එකේ සහ මිනිස් කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට 2024 අග වෙනකොට චීනය ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි අර මරණයේ මුහුද වටේට කිලෝමීටර් 3046ක් දිග සම්පූර්ණ හරිත වළල්ලක් හදලා ඉවර කරපු එක! හිතාගන්නකෝ, කිලෝමීටර් තුන්දහසකට වඩා දිග කැලෑවක්!
දැන් මේ හරිත තාප්පය නිසා කාන්තාරය තව ඉස්සරහට එන එක නැවතිලා. අවට ගම්මානවලට වැලි කුණාටු එන එක අඩුවෙලා ඒ පළාත්වලට ආයෙත් වැස්ස ලැබෙන්නත් පටන් අරන්. මිනිස්සුන්ට දශක ගණනාවක් යන වැඩක් මේ බුද්ධිමත් රොබෝවරු ටික කාලෙකින්ම කරලා පෙන්නුවා.
මිනිස්සු විනාශ කරපු සොබාදහම, මිනිස්සුම හදපු තාක්ෂණයෙන් ආයෙත් ගොඩදාන මේ යුගයේ, අපේ රටේ තියෙන නිසරු බිම් සහ වනසන්නන් නිසා විනාශ වුණු කැලෑ ආයෙත් වවන්න මේ වගේ AI තාක්ෂණයක් ගෙනාවොත් කොහොම තියෙයිද? ඇත්තටම තාක්ෂණය කියන්නේ පරිසරය විනාශ කරන දෙයක් නෙවෙයි, හරි විදිහට පාවිච්චි කළොත් ලෝකෙට පණ දෙන දිව්‍ය ඖෂධයක්!
#HiruGossip #HiruTV #Hiru #HiruDigital