අද (14) දවස ඇතුළත ලංකාවේ ප්‍රදේශ රැසකටම සුපිරි වැසි ප්‍රහාරයක් එල්ල වෙන්නයි සූදානම.
මේ වැස්ස එන ප්‍රදේශ තමයි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්. ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද විටින් විට වැසි විතරක් නෙවෙයි, ගිගුරුම් සහිතව සද්ද බද්ද එක්කම තමයි වැස්ස කඩාපාත් වෙන්නේ.
හැබැයි ඉතින් හැමෝටම එක වගේ නෑනේ, මන්නාරම සහ අනුරාධපුර පැත්තේ අයට නම් පොඩි චාන්ස් එකක් ලැබිලා තියෙනවා.
ඒ පැතිවලට වැසි ස්වල්පයක් විතරක් වැටිලා ෂේප් වෙයිලු.
වැස්ස විතරක් මදිවට අද හුළඟත් හමන්නයි හදන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුර, උතුරු-මැද, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය පැත්තේ අයට පැයට කිලෝමීටර් 40-50ක විතර තද හුළං පාරක් වදින්න නියමිතයි.
අනිත් පැතිවලටත් පැයට කිලෝමීටර් 30-40ක විතර සරල හුළඟක් තියෙයි.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලන්නේ මේ සිද්ධවෙන්න යන ගිගුරුම් සහිත වැසි සහ අකුණු සෙල්ලමෙන් බේරෙන්න අවශ්‍ය පියවර ඉක්මනටම ගන්න කියලයි.
ඒ නිසා අද ගමන් බිමන් යද්දී ෆෝන් චාජ් කරලා, අකුණුවලින් පරිස්සම් වෙලා කුඩයක් ලඟ තියාගන්න එක තමයි ඇඟට ගුණ!