හැබැයි පසුගියදා ගාල්ල පිණිකහන සිරි නිවාස විද්‍යාලයේ පැවැත්වුණු උදෑසන රැස්වීම නම් එතන සිටි සැමගේම නෙතට වගේම හදවතටත් ගෙන ආවේ පුදුමාකාර නිස්කලංක බවක්.
ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දුලන්යා සදෙව්මි කියන පුංචි දියණිය තමන්ගේ සහජ ගායන හැකියාවෙන් මුළු පාසල් භූමියම එකලු කළ නිසාවෙනි.
අතිශය ජනප්‍රිය මෙන්ම ගායනා කිරීමට ඉතාමත් අපහසු ගීතයක් වන "ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ..." ගීතය මේ පුංචි දියණිය උදෑසන රැස්වීමේදී ගායනා කළේ මුළු මහත් ප්‍රේක්ෂකාගාරයම මවිතයට පත් කරමින්.
කිසිදු පැකිලීමකින් තොරව, ඉතාමත් නිවැරදි ස්වර පිහිටුවීමකින් යුතුව, ඇයගේ ඒ මියුරු කටහඬින් ගීතය ගයනා කරන විට, එතන සිටි ගුරුවරුන් මෙන්ම අනෙකුත් සිසු සිසුවියන්ද ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටියේ පුදුමාකාර භක්තියකින් සහ ආදරයකින්. නිවේදක මණ්ඩලය පවා අභිබවා යමින් ඇය දැක්වූ මේ දක්ෂතාවය අද වන විට සමාජ මාධ්‍ය හරහාද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
"හොඳ අනාගතයක් තියෙන රටක් වටිනා පුංචි තරුවක්..." ඇය ගායනා කරන අයුරු දුටු බොහෝ දෙනෙක් ඇයට ආශිර්වාද කරමින් පවසන්නේ මෙවැනි දක්ෂ දරුවන් කලාවට මහත් ආභරණයක් බවයි.
නගරයේ සුපිරි පහසුකම් මැද නොවුවත්, තමන් තුළ උපතින්ම රැගෙන ආ ඒ මියුරු කටහඬ නිසි ලෙස හඳුනාගෙන, එය ඔප්නංවා ගන්නට දුලන්යා දියණිය උත්සාහ කරන අයුරු ඇත්තටම අගය කළ යුතුමයි. පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ලබාදෙන මඟපෙන්වීමද ඇයගේ මේ ගමනට ලොකු ශක්තියක් වී තිබෙනවා.
මුහුණු පොතේ පල වූ විඩියෝවක් ඇසුරෙන්