Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
24
''ජනප්‍රියත්වය කියන්නේ මගේ ජීවිතේට ලැබුණු අමතර දෙයක් විතරයි'' රංගන ශිල්පී අකලංක ප්‍රභාෂ්වර හිත දිගාරියි....

- ''ජනප්‍රියත්වය කියන්නේ මගේ ජීවිතේට ලැබුණු අමතර දෙයක් විතරයි'' රංගන ශිල්පී අකලංක ප්‍රභාෂ්වර හිත දිගාරියි....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

150 Views

මේ දවස්වල පුංචි තිරය ඉස්සරහට වෙනදාටත් වඩා ආදරයෙන් ප්‍රේක්ෂකයින්ව රඳවා ගන්න සමත් වෙන, හැමෝගෙම ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අකලංක ප්‍රභාෂ්වර කියන්නේ. 


විශේෂයෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන 'රොන් සොයා' සහ 'බැද්දේගම' කියන එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකේ ප්‍රධාන චරිත ඔස්සේ ඔහු දස්කම් පානවා. මේ කාර්යබහුල ජීවිතය අස්සේ අකලංක අපිත් එක්ක එකතු වුණේ මේ විදිහටයි.  

අකලංක, කොහොමද ඉතින් ජීවිතේ? මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ නේද?

ඇත්තටම කිව්වොත් මේ දවස්වල ලොකුවටම කාර්යබහුලත්වයක් නැහැ. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් ළඟ ළඟම තිරගත වෙන්න නියමිතයි. ඒකෙන් එකක් තමයි 'අභිසාරි' චිත්‍රපටය. ඒක හෙට ඉඳන් ප්‍රේක්ෂකයින්ට බලන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඒ චිත්‍රපටවල ප්‍රවර්ධන වැඩකටයුතු (Promotions) එක්ක තමයි ටිකක් එහෙ මෙහෙ යන්න වෙලා තියෙන්නේ. ඒ ඇරුණාම කාලය සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා.

මේ වෙද්දී ඔබ ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක්. පාරකට බැස්සත්, සෝෂල් මීඩියා බැලුවත් හැමතැනම කතාවෙන්නේ අකලංක ගැන. කොහොමද මේ ලැබෙන අතිමහත් ආදරය සහ ජනප්‍රියත්වය දරාගන්නේ?

ජනප්‍රියත්වය කියන්නේ ස්වභාවිකවම සිද්ධ වෙන දෙයක්. ඒක මට පාලනය කරන්න (control) පුළුවන් දෙයක් නෙවෙයි. අද තියෙන්නත් පුළුවන්, හෙට නැතිවෙන්නත් පුළුවන්. මේ හැමදේකටම කලින් මම ගතකරපු සාමාන්‍ය ජීවිතයක් තියෙනවනේ. ඉතින් මම ඒ ජීවිතේ හරිම සරල විදිහට අරගෙන යනවා. පාරෙදි කෙනෙක් හම්බෙලා කතා කළොත්, ඒ ප්‍රතිචාරය හරිම නිහතමානීව බාරගන්නවා. ජනප්‍රියත්වය කියන්නේ මගේ ජීවිතේට ලැබුණු අමතර දෙයක් විතරයි. මම මගේ පාඩුවේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්.

'රොන් සොයා' සහ 'බැද්දේගම' කියන්නේ තේමාවන් අතින් අහසට පොළොව වගේ වෙනස් නිර්මාණ දෙකක්. කොහොමද මේ වගේ වෙනස් චරිත දෙකකට එකවර සාර්ථකව ප්‍රවේශ වෙන්නේ?

රංගන ශිල්පියෙක් විදිහට මගේ මූලිකම වගකීම තමයි මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන එක. 'බැද්දේගම' ටෙලිනාට්‍යය ගත්තොත් ඒකෙ රූගත කිරීම් දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. ජනවාරිවල ඉඳන් අප්‍රේල් වෙනකන් වගේ මාස කිහිපයක් සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන, තිස්සමහාරාමයේ ඉඳන් තමයි ඒ මුළු කතාවම ෂූට් කරලා ඉවර කළේ. ඒ වගේ දැවැන්ත වැඩක් භාර අරගෙන සාර්ථකව නිම කරන්න ලැබුණු එක ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා ඔබේ රංගන ප්‍රතිභාව මේ දවස්වල ඉහළින් අගය කරනවා. කැමරාව ඉස්සරහා මේ තරම් තාත්විකව හැඟීම් නිරූපණය කරන්න අකලංකට තියෙන රහස මොකක්ද?

ඇත්තටම එහෙම විශේෂ රහසක් නැහැ. නිර්මාණයක් මුලින්ම පටන් ගනිද්දී ඒක සාර්ථක වෙයිද නැද්ද කියලා කාටවත් කියන්න බැහැනේ. අපි කරන්නේ අපේ උපරිම උත්සාහය දෙන එකයි. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. කලාව කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනෙකුට ඒක ගොඩක් හොඳ රංගනයක් වෙද්දී, තවත් කෙනෙකුට ඒක දුර්වල රංගනයක් විදිහට පේන්න පුළුවන්. ඒක අපිට නවත්වන්න බැහැ. හැබැයි මම පුද්ගලිකව මම කරපු රංගනයන් ගැන කවදාවත් 100%ක් සෑහීමකට පත්වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ලෝකේ ඉන්න ඕනෑම නළුවෙකුට පොදු දෙයක්.

අකලංක කියන්නේ දැන් ගොඩක් තරුණියන්ගේ 'හීන කුමාරයා'. ගොඩක් අය දැනගන්න ආසයි අකලංකගේ හිත ගත්ත ඒ හීන කුමාරියක් තාම නැද්ද කියලා? ඒ වගේම ආදරය ගැන ඔබ දරන මතය මොකක්ද?

ආදරය කියන්නේ මිනිස්සු විඳින්නම ඕන දෙයක්. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම, හැම ජීවියෙක්ම ආදරය විඳින්න ඕන. මම ආදරය විඳලා තියෙනවා, ඒක මට දැනිලා තියෙනවා. ආදරය කියන්නේ පෙම්වතියට කරන ආදරය විතරක් නෙවෙයි. අම්මා, තාත්තාට තියෙන ආදරය, ගහකොළට, සතාසිවුපාවාට තියෙන ආදරය මේ හැමදේම ඊට අයිතියි. ආදරය කියන්නේ ජීවිතේට අත්‍යවශ්‍ය කාරණාවක්.

මේ තරම් කාර්යබහුල කාලසටහනක් එක්ක ෂූටින් නැති දවසක අකලංක කොහොමද කාලය ගත කරන්නේ? රඟපානවාට අමතරව වෙන මොනවද තියෙන විනෝදාංශ?

මට එහෙම ලොකු හීන පස්සේ හඹායන පුරුද්දක් නැහැ. මම කරන මේ රංගන විෂය ගැන තවත් ගැඹුරට හදාරන්න මම ගොඩක් කැමතියි. ඒ වගේම මම උයන්න ආසයි. ගෙදර ඉන්න වෙලාවට අලුත් කෑම වර්ග හදලා බලන්න (Try කරන්න) මම ගොඩක් කැමතියි. ඊට අමතරව ඇවිදින්න යන්නත් ආසයි. ඒ වගේම පාසල් ළමයින්ට නාට්‍ය හා රංග කලා විෂය ගැන මම නොමිලේ ඉගැන්වීම් කරනවා. සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි, මගේ තියෙන ආසාව වෙනුවෙන් තමයි මම ඒක කරන්නේ.

රංගන ක්ෂේත්‍රයේ අද ඉන්න මේ ඉහළම තැනට එන්න එක රැයින් පුළුවන් වුණේ නැතුව ඇති. මේ ආපු ගමන් මඟේදී ඔබ මුහුණ දුන්න ලොකුම අභියෝග මොනවද?

මට අද මගේ අතීතය දිහා හැරිලා බලද්දී ගොඩක් සතුටුයි. මට හරි ලස්සන ඉතිහාසයක් තියෙනවා. ඒක ඕනෑම තැනක නොබියව කියන්න පුළුවන්. මම අද ඉන්න තැනට ආවේ එක රැයකින් නෙවෙයි, වගේම මේක මම තනියම කරපු දෙයකුත් නෙවෙයි. මගේ වටේ හිටපු යාළුවෝ, මගේ දෙමව්පියෝ, මගේ සහෝදරයෝ, මගේ පෙම්වතියෝ... මේ හැමෝගෙම මොකක්ම හරි උදව්වක් මේ ගමන ඇතුළේ තියෙනවා. එහෙම නැතුව මේක මම තනියම ළඟා කරගත්තු ජයග්‍රහණයක් නෙවෙයි.

අවසාන වශයෙන්, ඔබත් එක්ක නිතරම රැඳී ඉන්න, ඔබට මේ තරම් ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?

මම මගේ ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ හැමවෙලේම නිර්මාණ බලන්න, ඒවා රසවිඳින්න. හැබැයි ඒ වගේම හොඳ විචාරයක් දෙන්න. එකම තීරණයක හිරවෙන්නේ නැතුව, නිර්මාණයක් දිහා තාර්කිකව බලන්න කියලා මම ආරාධනා කරනවා. නිර්මාණ හරහා තමන්ගේ තාර්කික බුද්ධිය වැඩිදියුණු කරගන්න. ආදරණීය රසිකයින්ට මම ආරාධනා කරනවා දිගටම නිර්මාණත් එක්ක රැඳී ඉඳලා ඒවා උපරිමයෙන් රසවිඳින්න කියලා.

"ජනප්‍රියත්වයේ අහසේ කොතෙක් ඉහළට පියාසර කළත්, තමන්ගේ පාද තබාගෙන ඉන්නේ පොළොවේ බව අමතක නොකරන අකලංක කියන්නේ සැබෑම නිහතමානී කලාකරුවෙක්. පුංචි තිරයේ 'රොන් සොයා' යන අතරමඟදී, 'අභිසාරි' තුළින් සිනමා තිරයත් අත්පත් කරගන්නට සැරසෙන මේ ආදරණීය හීන කුමාරයාගේ ඉදිරි සියලු කලා කටයුතු මෙන්ම පෞද්ගලික ජීවිතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!"
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top