මෙන්න ඒ කුතුහලයට කෝටි ප්‍රකෝටියක් දෙනා බලාපොරොත්තු සහගතව හිටපු උත්තරය දෙන අතිශය සුවිශේෂී විද්‍යාත්මක සොයාගැනීමක් ලෝක ප්‍රසිද්ධ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර තිබෙනවා.
ඔවුන් පවසන විදිහට, අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින එක්තරා ග්‍රහලෝකයක් වටා පෘථිවියට අතිශයින්ම සමාන පාෂාණමය ස්වභාවයකින් යුත්, පළමු වායුගෝලය සොයාගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන පරිසර තත්ත්වයන් සහිත ලෝකයක් පැවතිය හැකි බවට මෙතෙක් විද්‍යාඥයන්ට ලැබුණු ශක්තිමත්ම සහ ස්ථිරම සාක්ෂිය මේක කියලා තමයි ඔවුන් පෙන්වා දෙන්නේ.
විද්‍යාඥයන් සිදුකළ පරීක්ෂණවලදී මේ අලුත් වායුගෝලයේ "හීලියම්" වායුව බහුලව පවතින බව හඳුනාගෙන තිබෙනවා. හීලියම් වායුව කියන්නේ ජීවීන්ගේ පැවැත්මට සෘජුවම උපකාරී වන වායුවක් නොවුණත්, මේ හීලියම් වායු ස්ථරයට පහළින් ජීවයට හිතකර වෙනත් අද්භූත වායූන් වර්ග රාශියක් සැඟවී පැවතීමට විශාල ඉඩකඩක් ඇති බව පර්යේෂකයන් දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරනවා.
නමුත් මේ කියන අලුත් ග්‍රහලෝකය තියෙන්නේ අපිට කිට්ටුවක නම් නෙවෙයි. අපේ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 48 ක් තරම් සිතාගත නොහැකි මහා විශාල දුරකින් තමයි මේ අපූරු ග්‍රහලෝකය පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ ග්‍රහලෝකය කක්ෂගත වෙලා තියෙන්නේ අපේ සූර්යයාට වඩා ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා, ඒ වගේම සිසිල් බවින් යුත් "රතු තරුවක්" (Red Dwarf Star) වටා බවයි අභ්‍යවකාශ පර්යේෂකයන් වැඩිදුරටත් හෙළි කරන්නේ.
කොහොම වුණත් මේ සොයාගැනීමත් එක්ක, ඉදිරි අනාගතයේදී විශ්වයේ තවත් ජීවීන් සිටින ලෝකයක් සොයාගැනීමේ සිහිනය සැබෑවක් වෙන්න බොහෝ දුරට ඉඩ ඇති බවටයි විද්‍යා ලෝකයේ දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙන්නේ.