ඒ, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමට ප්‍රතිචාර වශයෙන්.
ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාලයේ පහත මහළ තැපැල් කාර්යාලය, මුද්දර අංශය, කෞතුකාගාරයක්, අවන්හලක්, සමරු සටහන් මිලදී ගතහැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවා.
තවද, උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බවත්, මෙම සියලු සංවර්ධන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සහ සංචාරක මණ්ඩලයේ මගපෙන්වීමෙන් සිදුකරන බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.