කේන්තිය පාලනය කරගන්න බැරුව අන්තිමේදී ජීවිතේම බන්ධනාගාරෙක නතර වුණු කතා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. හැබැයි ඔයා දන්නවාද මේ විදිහට ක්ෂණිකව යකා නගින එක නිකන්ම නිකන් තරහ යාමක් නෙවෙයි, ඒක පිටුපස ලොකු ලෙඩක් හැංගිලා තියෙන්න පුළුවන් කියලා?
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා මේ ගැන කියන්නේ ටිකක් බය හිතෙන කතාවක්. සමහරුන්ට කිසිම හේතුවක් නැතුව කේන්ති යනවා වගේම, ඒ තරහ ගොඩක් වෙලා තියෙනවාලු. මේක ඇත්තටම භයානක තත්ත්වයක්!
ඇයි මේ තරම් කේන්ති යන්නේ? මෙන්න හැංගුණු රහස් ටික..
සමහරුන්ට තමන්ගේ හැඟීම් පාලනය කරගන්නම බැහැ. දුක, සතුට, තරහ ක්ෂණිකව වෙනස් වෙනවා. මේක සීමක්ත පෞරුෂත්ව ආබාධය වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්.
අද කාලේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. මත්ද්‍රව්‍ය නිසා ඇතිවෙන සැකය සහ ආවේගය පාලනය කරගන්න බැරුව ගොඩක් අය ලොකු විනාශයන් කරගන්නවා.
ඔව්, ඔයාට තරහ යන්නේ ඔයාගේ දෙමාපියන්ගෙන් ආපු ජාන නිසා වෙන්නත් පුළුවන්! ඒ වගේම පවුලේ අය හැමතිස්සෙම රණ්ඩු වෙනවා දැකලා හැදෙන ළමයිනුත් මේකට ගොදුරු වෙනවා.
ආර්ථික ප්‍රශ්න, රැකියාවේ පීඩනය, පවුල් ආරවුල් වගේ දේවල් නිසා මිනිස්සු ඉන්නේ පුදුම පීඩනයකින්. මේ අපේක්ෂා භංගත්වය පිටවෙන්නේ මහා දරුණු කෝපයක් විදිහටයි.
කුඩා කාලයේදී ලිංගික හෝ කායික හිංසනවලට ලක්වුණු අයට වගේම අමිහිරි අත්දැකීම් නිසා ඇතිවන PTS රෝගීන්ටත් නිතරම අධික ලෙස කේන්ති යන බව හොයාගෙන තියෙනවා.
තරහ ගියාට පස්සේ කරපු දේවල් ගැන ගොඩක් අය පස්සේ දුක් වෙනවා. හැබැයි ඒ වෙද්දීත් වෙන්න ඕන නාස්තිය වෙලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි, මේ වගේ නිතරම කේන්ති ගන්න අය ළඟදීම දියවැඩියාව, හෝර්මෝන රෝග සහ හෘද රෝගීන් බවට පත්වෙනවා කියන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා ඉවරයි!
ඔයාටත් මේ විදිහට නිතරම කේන්ති යනවා නම්, හරි පවුලේ කාටහරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා අතහැරලා දාන්න එපා. මේකට මානසික, සමාජයීය හෝ කායික හේතුවක් තියෙන්න පුළුවන්.
වහාම කළ යුතු හොඳම දේ තමයි මනෝ වෛද්‍යවරයෙක් හෝ උපදේශකවරයෙක් හමුවෙලා කතා කරන එක. මානසික රෝගයක් හෝ පෞරුෂත්ව රෝගයක් නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර පවා තියෙනවා. ඒ නිසා කේන්තියෙන් ඔයාගේ ලස්සන ජීවිතේ වගේම පවුලේ අයගේ සතුටත් විනාශ කරගන්න කලින්, හරි වෙලාවට උපදේශනයට සහ ප්‍රතිකාරවලට යොමුවෙන්න අමතක කරන්න එපා