ඊයේ රාත්‍රී 8.15 ට යෙදුණු සුභ මොහොතින් පළමු පෙරහැර වීදි සංචාරය කෙරුණු අතර, මෙවර කතරගම දේව ප්‍රතිමාව වැඩම කරවීමේ සුවිශේෂී භාග්‍යය හිමිවුණේ කාගේත් ආදරය දිනාගත් "වාසනා හස්තියා" ටයි.
උඩරට සහ පහතරට සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්, බෙර වාදකයින් ඇතුළු සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් වූ පෙරහැර දැකබලා ගැනීමට රට වටෙන්ම පැමිණි අතිවිශාල ජනකායක් කතරගම පුදබිමට රොක් වී සිටියා.
ප්‍රධාන වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර වල්ලි අම්මා දේවාලයට ගෙවැද, එහි පුරාණ පුද සිරිත් සියල්ල ඒ අයුරින්ම ඉටු කිරීමෙන් පසුවයි පළමු දින පෙරහැර නිමාවට පත්වුණේ. පුරා දින 15ක් තිස්සේ උත්කර්ෂවත්ව පැවැත්වෙන මෙම මංගල්‍යයේ දෙවන පෙරහැර අද (16) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.