ඒකට හේතුව තමයි ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය නිසා පහුගිය 2 වැනිදා ඉඳන් කැම්පස් එක තාවකාලිකව වහලා දාන්න සිද්ධ වෙච්ච එක. හැබැයි ඔන්න, සති දෙකකට ආසන්න කාලයක් වසා දාලා තිබුණු සෞන්දර්ය සරසවියේ අධ්‍යයන කටයුතු අද (13) ඉඳන් ආයෙමත් ආරම්භ වෙනවා කියලා ආරංචියි!
මේ නිවාඩු කාලය ඇතුළත රජයේත් මැදිහත් වීමෙන් කැම්පස් එකේ ඩෙංගු මර්දන කටයුතු කරලා, සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලයි තියෙන්නේ. මේ ගැන අදහස් දක්වමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය සිසුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා.
"අපිට තාවකාලිකව අධ්‍යයන කටයුතු නවත්තන්න සිදු වුණා මේ පවතින ඩෙංගු උවදුරත් එක්ක. මං ඇත්තටම අපේ ආදරණීය සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා, මේක ඔබගේ විශ්වවිද්‍යාලය. දැන් අපි නැවත වතාවක් පිරිසිදු තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඔබගේත් වගකීම තමන්ගේ පරිසරය, පන්ති කාමර පිරිසිදුව තියාගන්න එක. අපද්‍රව්‍ය බැහැර කිරීමේදී වගකීමක් සහිතව වැඩ කරලා විශ්වවිද්‍යාල පරිපාලනයටත් උදව් කරමින් නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න."
කැම්පස් එකේ වැඩ පටන් ගත්තත්, රටේ ඩෙංගු තත්ත්වය ගැන නම් අහන්න තියෙන්නේ එච්චර සතුටුදායක ආරංචියක් නෙවෙයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන විදිහට මේ අවුරුද්දේ ගතවෙච්ච කාලය ඇතුළත විතරක් ලංකාවෙන් ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඩෙංගු නිසා අවාසනාවන්ත විදිහට මරණ 47කුත් සිද්ධ වෙලා!