මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයෙන් තහවුරු වූ ඩෙංගු රෝගීන් 71 දෙනෙකු වාර්තා වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.
එසේම මේ මොහොත වන විටත් රෝගී තත්ත්වයේ පසුවන සිසුන් 5 දෙනෙකු රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
වාර්තා වන පරිදි මෙම ඩෙංගු රෝගී සිසුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙනුයි. මේ හේතුව නිසාම සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ තීරණයක් ගැනීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ශාස්ත්‍ර පීඨය සහ ඒ අවට පරිශ්‍රයේ ඇති පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් සතියක කාලයක් සඳහා මාර්ගගත ක්‍රමයට (Online) හෝ දෙමුහුං ක්‍රමයට (Hybrid) සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
උපකුලපතිවරයා පවසන පරිදි, රෝහල් සමඟ දිගින් දිගටම සන්නිවේදනය කරමින් රෝගී සිසුන්ගේ තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැඩි අවධානයකින් පසුවනවා. ඩෙංගු වැළඳී දැනට රෝහල් ගතවී සිටින, මෙන්ම එම රෝගය වැළඳී සුවවී සිටින සිසුන්ගේ සුභසාධනය සහ අධ්‍යාපන කටයුතු අතපසු නොවීම වෙනුවෙනුයි මෙලෙස සතියක කාලයකට දේශන පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට පියවර ගෙන ඇත්තේ.
කොළඹ කැම්පස් එක ඇතුළේ එකපාරටම මෙච්චර ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වීමත් සමඟ, විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසන්නේ.