ඉතින්, මේ වෙනකොට බොහෝ පිරිසකට ඩෙංගු රෝගය වැළදිලා තියෙනවා. ඒ අතරින් මරණ පවා සිදුවුණා. ඒ නිසා ඩෙංගු හැදිලා සුව වීමෙන් පස්සේ වුණත් අපි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.
විශේෂයෙන්ම අපි කන බොන දේවල්වලින් පවා ඩෙංගු රෝගය සුව වීමෙන් අනතුරුව අපි සැලකිලිමත් වෙන්නම ඕනේ.. ඩෙංගු රෝගය වැලඳුණු පසුව රුධිර පට්ටිකා ප්‍රමාණය වේගයෙන් අඩු වෙනවා. මේ නිසා විජලනයට ලක්වෙන්නත් පුළුවන්.
මේ නිසා අක්මාව වැනි ශරීරයේ වටිනා ඉන්ද්‍රියන් වලට හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා රෝගය සුව වූ වහාම අපි කළ යුත්තේ, රුධිර පට්ටිකා ප්‍රමාණය නැවත වැඩි කර ගැනීමට , ඒ සඳහා උපකාරී වන ආහාර පුරුදු ජීවිතයට එකතු කර ගැනීමයි.
මෙහිදී වැඩියෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වනවා.
එසේම, ඩෙංගු රෝගය සුව වූ කෙනෙකුට විවේකය ඉතාමත්ම වැදගත් වන බවද , සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.
ඒ වගේම අධික තෙල්වලින් පිසූ ආහාර , විශේෂයෙන් ගැඹුරු තෙලේ පිසූ ආහාර ගැනීම සුදුසු නොවන අතර, කුළුබඩු අධිකව යෙදු ආහාරද මෙම රෝගය සුව වූ රෝගියෙකුට සුදුසු වෙන්නේ නෑ.
විටමින් , ඛනිජ ලවන , ප්‍රෝටීන් අදියෙන් පොහොසත් ආහාර ගැනීම මෙවැනි රෝගයෙන් සුව වෙමින් සිටිනා අයෙකුට ඉතා සුදුසු වනවා. එසේම පොල් සහ තැඹිලි වතුරද මෙවැනි අයට ඉතාම සුදුසුයි.
එසේම , බිත්තර තම්බා දීමද වඩාත් සුදුසු යි.
තවද එළවලු සුප් එකක්, බීමට ගැනීමත් ගුණදායක වනවා.
මේ විදිහට වෛද්‍ය මතය අනුව මෙසේ නිවැරදි ප්‍රතිකාර කිරීම මගින් සහ තමන් තමන්ව මෙවැනි දේ වලින් පාලනය කර ගැනීම මඟින් ඔබට ඉතා ඉක්මණින් ඩෙංගු රෝගී පසු තත්ත්වයන්ගෙන් මිදීමට හැකි වනවා.