හැබැයි අද (12) ඒ පැත්තෙන් ඇහෙන්නේ ටිකක් වෙනස් විදිහේ, හැබැයි කාටත් සතුටු හිතෙන සුබ ආරංචියක්. වතුකරේ ජනතාවට අඩු ගානට පෝෂ්‍යදායී මාළු වේලක් කන්න පුළුවන් වෙන විදිහේ සුපිරිම වැඩක් තමයි අද කාසල්රියේ සිද්ධ වුණේ.
වතුකරයේ ජීවත් වෙන ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවන්න අරමුණු කරගෙන, අද දවසේ කාසල්රි ජලාශයට 'මෙරිගල්' ජාතියේ මත්ස්‍ය පැටවුන් 66,000ක්ම මුදාහැරලා තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසන විදිහට, මේ මාළු පැටව් ටික ගෙනල්ලා තියෙන්නේ උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයෙන්. මේ සද්කාර්යයට පූර්ණ අනුග්‍රහය දක්වලා තියෙන්නේ කාසල්රි ජලාශයේ ධීවර සමිතියයි.
මේ වැඩේ තියෙන ලොකුම විශේෂත්වය තමයි, මේ දාපු මෙරිගල් මාළු පැටව් ටික හරිම ඉක්මනින් ලොකු වෙන ජාතියක් වීම. හරියටම කිව්වොත් මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ එක මාළුවෙක් කිලෝ 1 ත් 1 ½ ත් අතර බරකට ලොකු වෙනවා.
ඊටපස්සේ මේ ලැබෙන මාළු අස්වැන්න වතුකරයේ ජනතාවට හරිම අඩු මුදලකට අලෙවි කරන්න තමයි මේ වෙද්දී සැලසුම් කරලා තියෙන්නේ. පෝෂණයෙන් පිරිපුන් කෑමක් අඩුවට කන්න ලැබෙන එක මේ කාලේ හැටියට වතුකරේ ජනතාවට ලොකු සහනයක් වේවි!
මේකෙන් වාසිය තියෙන්නේ වතුකරේ ජනතාවට විතරක්ම නෙවෙයි. මේ ප්‍රදේශයේ තියෙන සංචාරක හෝටල්වලින් මිරිදිය මාළුන්ට නිතරම වගේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ අලුත් මාළු අස්වැන්න හරහා කාසල්රි ධීවර ප්‍රජාවගේ ආර්ථික තත්ත්වයත් සැලකිය යුතු විදිහට ඉහළ යාවි කියලා හැමෝම අපේක්ෂා කරනවා.