කාලයක් පුරාවටම පුංචි තිරයෙත් රිදී තිරයෙත් විවිධ චරිත හරහා අපේ ආලින්දයට ආපු විශ්වගේ පෞද්ගලික ජීවිතයේ සුන්දර තොරතුරු දැනගන්නත් ඔහුගේ රසිකයින් ගොඩක් කැමතියි.
විශ්ව කියන්නේ කලාකරුවෙක් වගේම ඉතාමත් ආදරණීය පියෙක්. ඔහු නිතරම වගේ තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරන සුන්දර අවස්ථාවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
විශ්ව සිය ෆේස්බුක් ගිණුමට ඉතාමත් සුන්දර ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, ඔහුගේ ආදරණීය පුතුගේ උපන්දිනය වෙනුවෙන්! තාත්තයි පුතයි දෙන්නා එකට ඉන්න හරිම ලස්සන, ආදරේ හිතෙන ඡායාරූප ටිකක් තමයි ඔහු මෙලෙස මුහුණුපොතට එකතු කරලා තිබුණේ.
මේ ඡායාරූපවලට වගේම හැමෝගෙම අවධානය දිනාගත්තේ ඔහු පුතාට උපන්දිනය වෙනුවෙන් යොදා තිබුණු අපූරු සටහන කිව්වොත් නිවැරදියි. අපේ සමාජයේ ගොඩක් තාත්තලා තමන්ගේ ආදරණීය පුතාට සුරතලයට මල්ලි කියලා කතා කරනවා වගේම, විශ්වත් තමන්ගේ පුතාට සුබ පතලා තිබුණේ මෙන්න මේ විදිහටයි:
"Happy birthday to my dear younger brother... Buddha's blessings and God's blessings to you my dear son.."
මේ ආදරණීය සටහනත් එක්කම මේ වෙද්දි විශ්වගේ රසික රසිකාවියන් මෙන්ම කලා ක්ෂේත්‍රයේ හිතවතුන් විශාල පිරිසක් පුංචි පුතාට ආශිර්වාද කරමින් සහ සුබ පැතුම් එක්කරමින් මුහුණුපොතේ ප්‍රතිචාර දක්වමින් සිටිනවා.