ඒ තමයි කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වන මාරාන්තික "ඉබෝලා" වසංගත තත්ත්වය!
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන විදිහට මේ වෙද්දි කොංගෝවෙන් වාර්තා වෙන මේ ඉබෝලා වසංගතය, ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වුණු දරුණුතම ඉබෝලා වසංගත තත්ත්වය පවා ඉක්මවා යාමේ දැඩි අවදානමකට මේ වන විට ලක්වෙලා.
මේ වසරේ වාර්තා වන බිහිසුණු දත්ත:
මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් කොංගෝවෙන් වාර්තා වී ඇති ඉබෝලා ආසාදිතයින් ගණන 4,300ක්!
ඉන් මේ වන විටත් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,000කට අධිකයි!
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් (Tedros Adhanom Ghebreyesus) මහතා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් පවසන්නේ මෙවැනි කතාවක්...
"11,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසරවලදී සිදුවූ වසංගත තත්ත්වය ද ඉක්මවා යාමේ අවදානමක් වර්තමානයේ උද්ගත වී තිබෙනවා..."
මේ අනුව බලද්දි, ඉදිරියේදී මේ තත්ත්වය තවත් දරුණු අතට හැරෙන්න පුළුවන් කියන එක තමයි සෞඛ්‍ය අංශවල මතය වෙලා තියෙන්නේ. මේ මාරාන්තික වසංගතය කොයි මොහොතේ කොයි අතට හැරෙයිද කියලා මුළු ලෝකයම දැන් බලාගෙන ඉන්නේ දැඩි කම්පනයකින්!