ඒ තරුණ හා බාලවයස්කාර පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින්.
අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණය විසින් නියම කරන ලද මෙම නවතම තීන්දුවත් සමඟ Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 567ක (පවුම් මිලියන 421ක පමණ) දැවැන්ත දඩයක් ගෙවීමට සිදු වෙනවා. මෙය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් Meta සමාගමකට එරෙහිව පනවා ඇති විශාලතම දඩ මුදල ලෙසයි වාර්තා වන්නේ.
මීට පෙර පනවා තිබූ ඩොලර් මිලියන 375ක දඩයත් සමඟ එකතුව, Meta සමාගම මේ වන විට ගෙවිය යුතු මුළු දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් නිව් මෙක්සිකෝ අධිකරණ විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් (Bryan Biedscheid) සන්දර්ශනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ, Meta සමාගම මහජනයාට මහත් කරදරකාරී බලපෑමක් ඇති කරන ආයතනයක් බවත්, එහි ක්‍රියාකාරිත්වය වායු දූෂණය සිදු කරන කර්මාන්ත ශාලාවකට සමාන කළ හැකි බවත්ය.
2023 වසරේදී ගොනු කෙරුණු මෙම නඩුවට අනුව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා...
Facebook, Instagram සහ Threads හි අන්තර්ගත Recommendation (නිර්දේශන) පද්ධති මඟින් බාලවයස්කාර දරුවන් හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය කර ඇති බව.
ලිංගික අපරාධකරුවන් හා බාලවයස්කරුවන් අතර සබඳතා ඇති වීමට පහසුකම් සැලසෙන පරිදි පද්ධතිය ක්‍රියාත්මක වූ බව.
අධිකරණ නියෝගයට අනුව මේ මුදල් භාවිත කෙරෙන්නේ දරුවන්ගේ යහපත උදෙසායි..
ඩොලර් මිලියන 420ක්: අන්තර්ජාලය නිසා මානසික හානි වූ දරුවන්ට ප්‍රතිකාර කිරීමට සහ මනෝසෞඛ්‍ය වැඩසටහන් සඳහා.
ඉතිරි මුදල: ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සහ වැළැක්වීමේ වැඩසටහන් සඳහා.
කෙසේ වෙතත් Meta සමාගම පවසන්නේ තමන් මෙම තීන්දුව පිළිනොගන්නා බවත්, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත්ය. තරුණ පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් විශාල ලෙස ආයෝජනය කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
Meta සමාගමේ කරදර මෙතැනින් ඉවර නැත! ලබන සතියේදී කැලිෆෝනියාවේදී අමෙරිකානු ප්‍රාන්ත 30කට අධික සංඛ්‍යාවක නීතිපතිවරුන් එකතු වී ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Meta සමාගමට එරෙහිව පවරා ඇති තවත් ප්‍රධාන නඩුවක් විභාගයට ගැනීමට නියමිතයි....